ඡන්දය ප්‍රමාද වීම හේතුවෙන් දකුණු පළාතේ විවිධ සේවා සමූපකාර සමිති 14ක බලය කොමසාරිස් පාලනයට

දකුණු පළාතේ ගාල්ල මාතර හා හම්බන්තොට යන දිස්ත්‍රික්කවල විවිධ සේවා සමූපකාර සමිති 14ක පාලන බලය මැයි 20 වනදා සිට සමූපකාර කොමසාරිස් පාලනයට පවරා ගැනීමට දකුණු පළාත් සමූපකාර කොමසාරිස්වරිය පියවර ගෙන තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ, ගාල්ල දිස්ත්‍රික්කයේ බලපිටිය, අම්බලන්ගොඩ, බෙන්තොට,බද්දෙගම හා යක්කලමුල්ල, මාතර දිස්ත්‍රික්කයේ වැලිගම, දෙවිනුවර, දික්වැල්ල, බෙරලපනාතර, කොටපොල, කඹුරුපිටිය, හක්මන, හම්බන්තොට දිස්ත්‍රික්කයේ බෙලිඅත්ත, තංගල්ල යන විවිධ සේවා සමූපකාර සමිති 14ක පාලන බලය මෙසේ පවරාගෙන ඇති බවයි.

විවිධ සේවා සමූපකාර සමිති 14හි ම නිලවරණය නියමිත කාලය තුළ පැවැත්වීමට නොහැකිවීම හේතුවෙන් මෙම විවිධ සේවා සමූපකාර සමිතිවල පාලන බලය සමූපකාර කොමසාරිස් පාලනයට නතු කළ බව දකුණු පළාත් සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව මෙතෙක් එකී විවිධ සේවා සමූපකාර සමිතිවල පාලනය ගෙන ගිය සභාපති, උප සභාපති ඇතුලු සත් දෙනෙකුගෙන් සමන්විත වූ අධ්‍යක්ෂ මණ්ඩලය අහෝසි වන බව ද එම දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

දකුණු පළාත් සමූපකාර කොමසාරිස්වරයා පත් කරන ලද නියෝජිතයින්ගෙන් සැදුම්ලත් කමිටුවක් මගින් සමූපකාර සමිති 14 ම පාලනය ඉදිරියට සිදුවෙන බවත් දැනටමත් එම සමූපකාර සමිති සඳහා ම සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු සහ වෘත්තිකයන් දෙදෙනෙකු ඇතුලු ත්‍රිපුද්ගල කමිටුව බැගින් පත් කර තිබෙන බව ද දකුණු පළාත් සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව සඳහන් කළා.

විවිධ සේවා සමූපකාර සමිති 14ටම වෙන වෙනම නිලවරණ පවත්වා අධ්‍යක්ෂ මණ්ඩල පත් කරන තෙක් මේ පත් කළ ත්‍රිපුද්ගල කමිටු එම සමූපකාර සමිති 14හි පාලනය මෙහෙයවනු ලබන බව ද, ඉදිරි මාස තුනක කාලය ඇතුළත සමූපකාර ඡන්දය පවත්වා නව පාලක මණ්ඩලයක් පත් කරන බව ද දකුණු පළාත් සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58