ඡන්දය ප්‍රමාද වීම හේතුවෙන් දකුණු පළාතේ විවිධ සේවා සමූපකාර සමිති 14ක බලය කොමසාරිස් පාලනයට

දකුණු පළාතේ ගාල්ල මාතර හා හම්බන්තොට යන දිස්ත්‍රික්කවල විවිධ සේවා සමූපකාර සමිති 14ක පාලන බලය මැයි 20 වනදා සිට සමූපකාර කොමසාරිස් පාලනයට පවරා ගැනීමට දකුණු පළාත් සමූපකාර කොමසාරිස්වරිය පියවර ගෙන තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ, ගාල්ල දිස්ත්‍රික්කයේ බලපිටිය, අම්බලන්ගොඩ, බෙන්තොට,බද්දෙගම හා යක්කලමුල්ල, මාතර දිස්ත්‍රික්කයේ වැලිගම, දෙවිනුවර, දික්වැල්ල, බෙරලපනාතර, කොටපොල, කඹුරුපිටිය, හක්මන, හම්බන්තොට දිස්ත්‍රික්කයේ බෙලිඅත්ත, තංගල්ල යන විවිධ සේවා සමූපකාර සමිති 14ක පාලන බලය මෙසේ පවරාගෙන ඇති බවයි.

විවිධ සේවා සමූපකාර සමිති 14හි ම නිලවරණය නියමිත කාලය තුළ පැවැත්වීමට නොහැකිවීම හේතුවෙන් මෙම විවිධ සේවා සමූපකාර සමිතිවල පාලන බලය සමූපකාර කොමසාරිස් පාලනයට නතු කළ බව දකුණු පළාත් සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව මෙතෙක් එකී විවිධ සේවා සමූපකාර සමිතිවල පාලනය ගෙන ගිය සභාපති, උප සභාපති ඇතුලු සත් දෙනෙකුගෙන් සමන්විත වූ අධ්‍යක්ෂ මණ්ඩලය අහෝසි වන බව ද එම දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

දකුණු පළාත් සමූපකාර කොමසාරිස්වරයා පත් කරන ලද නියෝජිතයින්ගෙන් සැදුම්ලත් කමිටුවක් මගින් සමූපකාර සමිති 14 ම පාලනය ඉදිරියට සිදුවෙන බවත් දැනටමත් එම සමූපකාර සමිති සඳහා ම සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු සහ වෘත්තිකයන් දෙදෙනෙකු ඇතුලු ත්‍රිපුද්ගල කමිටුව බැගින් පත් කර තිබෙන බව ද දකුණු පළාත් සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව සඳහන් කළා.

විවිධ සේවා සමූපකාර සමිති 14ටම වෙන වෙනම නිලවරණ පවත්වා අධ්‍යක්ෂ මණ්ඩල පත් කරන තෙක් මේ පත් කළ ත්‍රිපුද්ගල කමිටු එම සමූපකාර සමිති 14හි පාලනය මෙහෙයවනු ලබන බව ද, ඉදිරි මාස තුනක කාලය ඇතුළත සමූපකාර ඡන්දය පවත්වා නව පාලක මණ්ඩලයක් පත් කරන බව ද දකුණු පළාත් සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලාල් කාන්තගෙන් මිහින්තලේ හිමිට දැඩි වාග් ප්‍රහාරයක්
04:39
Video thumbnail
මන්ත්‍රී කොට්ටහච්චිට මුජිබුර්ගෙන් සැර කින්ඩියක්.."අගමැතිට අපහාස කරන්නේ එයාලගේ මන්ත්‍රීලා තමයි"
04:18
Video thumbnail
ඉපලෝගම OIC, නිල නිවසට කාන්තාවක් එක්කන් ගිහින් කරපු කැත වැඩේ එළියට..
28:13
Video thumbnail
හරිනි ඇමතිට බබා වෙන්න බෑ..හත්පොළේ ගාගෙන ඉවරයි..විමල්, මල්වතු නාහිමි බැහැදැකලා කිව්ව දේ
10:33
Video thumbnail
නාමල්, නලින් හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න එයි..නාමල් සංවේදි වෙයි
02:09
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08


?