AFC Banner
Empty Ad

ඡන්දය නොපැවැත්වීමේ අදහසක් නැහැ – ඇමති බන්දුල

පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීමේ අදහසක් රජයට නොමැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද (14) සඳහන් කළා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවර එක්වෙමින් ඔහු මේ බව පැවසුවා.

කෙසේ වෙතත් රටේ පවතින මුදල් තත්ත්වය පිළිබඳ භාණ්ඩාගාර ලේකම්වරයා අධිකරණයටත් කරුණු ඉදිරිපත් කර ඇති බවයි අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ.

මීට පෙර පැවති රජයන් මුදල් වියදම් කර තිබෙන්නේ විදෙස් ණය ගැනීමෙන් හා මුදල් අච්චුගැසීමෙන් වුවත්, පවතින තත්ත්වය අනුව වත්මන් රජයට එසේ කිරීමේ හැකියාවක් නොමැති බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?