ඡන්දය තියන්නේ නැත්නම් වතුකරයේ ජනතාව පාරට – පලනි දිගම්බරම්

පළාත් පාළන මැතිවරණය නො පවත්වන්නේ නම් වතුකරයේ ජනතාව ප්‍රධාන මාර්ගයට රැගෙන එන බව දමිළ ප්‍රගතිශීලි සන්ධානයේ නියෝජ්‍යය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම් මහතා අවධාරණය කරනවා.

පළාත් පාළන මැතිවරණයේ ප්‍රචාරණ කටයුතුවලට සහභාගී වීමෙන් අනතුරුව හැටන් නගරයේදී මාධ්‍ය හමුවක් කැඳවමිනුයි ඔහු මේ බව කියාසිටියේ.

වැඩිදුරටත් අදහස් දැක්වු මන්ත්‍රීවරයා කියාසිටියේ පළාත් පාලන මැතිවරණයට වතුකරයේ විපක්ෂයෙන් තරග කරන තම අපේකෂකයන් නාම යෝජනා භාර දීමේ සිට මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා විශාල මුදලක් වැය කර ඇති බවයි.

එවන් පසුබිමක රජයට ජනතා කැමැත්තක් නොමැති නිසා මැතිවරණයට බිය වී මැතිවරණය පැවැත්වීමට මුදල් නොමැති බව පවසමින් කල් දැමීමට රජය කටයුතු කිරිම නිසා රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ද නැති වී යන බව පලනි දිගම්බරම් මන්ත්‍රීවරයා කියාසිටියා.

පළාත් පාලන මැතිවරණය පැවැත්වුවහොත් සමස්ත රටේ ජනතාව රජයට පාඩමක් ඉගැන්වීමට මේ වන විට සුදානම් වී සිටින බවත් ඒ බව රජය හොඳින් වටහා ගෙන අවශ්‍ය මුදල් ලබා නොදී මැතිවරණය කල් තැබිමට පියවර ගනිමින් සිටින බව මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා.

වතුකරයේ ජනතාව රුපියල් දහසක දෛනික වැටුපක් ලබා ගෙන, පවතින අධික ජීවන මිල ඉහළ යාම හමුවේ දැඩි දුෂ්කරතා මැද ජීවත් වන බවත්, විදුලි බිල වැඩි කිරීම නිසා එම ජනතාව තවදුරටත් දැඩි පීඩාවට පත් වන බවයි පලනි දිගම්බරම් මහතා කියාසිටියේ.

ඡන්ද විමසීම කල් දැමීමට රජය තවදුරටත් කටයුතු කළ හොත් පළාත් පාලන මැතිවරණ ප්‍රචාරණ කටයුතු තාවකාලිකව නතර කිරීමට පියවර ගන්නා බව ද මන්ත්‍රීවරයා මෙම මාධ්‍ය හමුවේදි ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34