AFC Banner
Empty Ad
Empty Ad

චොක්ලට් අලෙවිසැලකට මෝටර් රථයක් කඩා වැදී මාරක අනතුරක් (ඡායාරූප)

ගාල්ල – කොටුව ප්‍රදේශයේ චොක්ලට් අලෙවිසැලකට මෝටර් රථයක් කඩා වැදීමෙන් සිදු වූ අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ (19) සිදු වූ මෙම අනතුරින් මියගොස් ඇත්තේ එම වෙළඳසැල ඉදිරිපිට සිටි කාන්තාවක් බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම අනතුරින් තවත් කාන්තාවන් තිදෙනෙක් ද තුවාල ලබා ඇති බවයි වාර්තා වුණේ.

අනතුරින් මියගොස් ඇත්තේ පොල්ගම්පල, මතුගම ප්‍රදේශයේ පදිංචිව සිටි 53 හැවිරිදි වියේ පසු වූ කාන්තාවක්.

ඊයේ (19) රාත්‍රියේ එම ප්‍රදේශයට ඇද හැලුණු වර්ෂාව හේතුවෙන් මෙම කාන්තාවන් සිව්දෙනා මෙම වෙළඳසැල ඉදිරිපිට රැඳී සිට ඇති බවයි වාර්තා වන්නේ.

අනතුර සම්බන්ධයෙන් මෝටර් රථයේ පැදවූ 28 හැවිරිදි තරුණයෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු අද (20) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
7
+1
1
+1
2
+1
6
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?