චොක්ලට් අලෙවිසැලකට මෝටර් රථයක් කඩා වැදී මාරක අනතුරක් (ඡායාරූප)

ගාල්ල – කොටුව ප්‍රදේශයේ චොක්ලට් අලෙවිසැලකට මෝටර් රථයක් කඩා වැදීමෙන් සිදු වූ අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ (19) සිදු වූ මෙම අනතුරින් මියගොස් ඇත්තේ එම වෙළඳසැල ඉදිරිපිට සිටි කාන්තාවක් බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම අනතුරින් තවත් කාන්තාවන් තිදෙනෙක් ද තුවාල ලබා ඇති බවයි වාර්තා වුණේ.

අනතුරින් මියගොස් ඇත්තේ පොල්ගම්පල, මතුගම ප්‍රදේශයේ පදිංචිව සිටි 53 හැවිරිදි වියේ පසු වූ කාන්තාවක්.

ඊයේ (19) රාත්‍රියේ එම ප්‍රදේශයට ඇද හැලුණු වර්ෂාව හේතුවෙන් මෙම කාන්තාවන් සිව්දෙනා මෙම වෙළඳසැල ඉදිරිපිට රැඳී සිට ඇති බවයි වාර්තා වන්නේ.

අනතුර සම්බන්ධයෙන් මෝටර් රථයේ පැදවූ 28 හැවිරිදි තරුණයෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු අද (20) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
7
+1
1
+1
2
+1
6
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නිවසේ තිබූ සිරුරු එළියට ගෙන රැගෙන යයි - "සෙනෙහසේ කැඳැල්ලේ" නවතම තොරතුරු මෙන්න
02:31
Video thumbnail
වැඩිහිටි නිවාසයේ සිටි පිරිසගේ ඥාතීන් කළ හෙළිදරව්ව - හැම මාසෙම 35000 ගානේ සල්ලි දානවා
01:35
Video thumbnail
ගසක් වැටී සිදුවූ බිහිසුණු අනතුර දැකපු කෙනෙක් සියල්ල හෙළිකරයි - පවුලේ අය දුක දරාගන්න බැරිව හඬා වැටෙයි
01:50
Video thumbnail
හෙල්මට්වත් දාන්නේ නැතුව තනි ඉරත් කපාගෙන බයික් එකේ යන හැටි - එකදිගට වැරදි තුනක්
00:39
Video thumbnail
අනුරට රටේ ජනපතිකම ලැබිලා තියෙන්නෙත් අතපසුවීමකින් - තිස්සකුට්ටි ආණ්ඩුවට සැරටම අමතයි
03:21
Video thumbnail
බඹර ප්‍රහා _ රයට ලක්වී සිසුන් 40ක් රෝහල් ගතකෙරේ - බඹරුන්ගෙන් බේරෙන්න ළමයි හතර අතේ දුවයි
01:39
Video thumbnail
තිස්සකුට්ටිගෙන් සජබයට රතු එළි - අපේ කටවල් අවුස්සගන්නේ නැතුව සාමකාමීව ඉන්න
02:08
Video thumbnail
ගිනිගත් වැඩිහිටි නිවාසයේ අද උදෑසන තත්ත්වය - කන්න උයපු කෑමත් එක්කම අළුවෙලා තියෙන හැටි
02:06
Video thumbnail
ගුරුවරුන්ට කොකා පෙන්නන්න එන්න එපා - දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට යනවා අපි
05:02
Video thumbnail
ගසට ය#වූ මිනිස්සු එළියට ගත් මෙහෙයුම - "ගහ අයින් කරගන්න කියලා තිබ්බේ" මෙහි සංවේදී දර්ශන සහිතයි
01:36