කැස්බෑව අධිකරණය වෙත හඳුනාගැනීමේ පෙරට්ටුව කට ඉදිරිපත් කිරීම සඳහා ඔන්න මෙන්න තිබියදී “චුට්ටියා” සහ” චූටියා ” නැමැති කොල්ල කරුවන් අත් මාංචු පිටින් පළාගොස් ඇතැයි පිලියන්දල පොලිසිය කියයි
පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් පිළියන්දල නගරයේ ලොතරැයි අලෙවි කුටියකින් රුපියල් 7000 ක මුදලක් කොල්ලකෑම් ඇතුළු කොල්ලකෑම් කීපයකට සම්බන්ධව සිටි මෙම සැකකරුවන් දෙදෙනා විශ්ව කලාව ප්‍රදේශයේ දී පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබිණි
සැකකරුවන් දෙදෙනා හඳුනා හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට කැස්බෑව අධිකරණ භූමියේ පොලිස් මුරපොළේ කාමරයක රඳවා සිටියදී මෙලෙස පලාගොස් ඇතැයි පොලීසිය සඳහන් කරයි
කොල්ල කරුවන් රැගෙන ආ පොලිස් කොස්තාපල්වරයා රාජකාරි අවශ්‍යතාවයක් සඳහා එම ස්ථානයෙන් පිටත්ව ගිය අවස්ථාවේදී එහි සිටි සෙසු පොලිස් නිලධාරීන්ගේ ඇස් වසා කොල්ල කරුවන් දෙදෙනා පලාගොස් තිබූ බව පොලිසිය කියයි
එම කොස්තාපල්වරයා කොල්ල කරුවන් අසලින් ඉවත් වීමේ දී ඔවුන් දෙදෙනා බලාගන්නා ලෙස එහි සිටි සෙසු පොලිස් නිලධාරීන්ට දැනුම් දී තිබූ බවද එම ආරංචි මාර්ග පවසයි
දමා තිබූ අත් මංචු පිටතට නොපෙනෙන ලෙස ඔහුන් ආවරණය කර තිබූ රෙද්දෙන් වසාගෙන ප්‍රධාන ගේට්ටුවෙන් හොරණ කොළඹ ප්‍රධාන මාර්ගයට අවතීර්ණ වී ත්‍රිරෝද රථයක නැඟ පලාගොස් ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි
කොල්ල කරුවන් දෙදෙනා පලා යන අවස්ථාවේදී අධිකරණ පොලිස් මුරපොළේ පොලිස් සැරයන්වරයෙකු කොස්තාපල්වරුන් දෙදෙනෙකු සහ පොලිස් කාන්තාවන් දෙදෙනකු මෙන්ම ප්‍රධාන ගේට්ටුවේ අධිකරණ සේවකයෙකුද රාජකාරියේ දී ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි
පලා ගිය කොල්ල කරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් සහ බුද්ධි නිලධාරීන් යොදවා ඇතැයි උසස් පොලිස් නිලධාරියකු පැවසීය
ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අධිකාරී මංගල දෙහිදෙණිය , පොලිස් අධිකාරි පුෂ්පකුමාර මහත්වරුන් ගේ උපදෙස් මත පිලියන්දල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් රංජිත් මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දිනේෂ් හෙට්ටිආරච්චි මහතා පරීක්ෂණ පවත්වයි










