චීන හැකර්වරු ට්‍රම්ප් ඇතුළු දේශපාලන ප්‍රබලයින්ගේ දූරකථන සංවාද අහලා?

චීන රාජ්‍ය අනුබද්ධිත හැකර්වරු අමෙරිකාවේ මෙවර ජනාධිපති ධුර අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නම් නොකරන ලද උපදේශකයෙකුගේ ඇතුළු එරට දේශපාලන ප්‍රබලයින්ගේ දූරකථන ඇමතුම්වලට සවන් දී රහස්‍ය තොරතුරු ලබාගෙන ඇති බවට එරට මාධ්‍ය වාර්තා කරනවා.

‘වොෂින්ටන් පෝස්ට්’ වෙබ් අඩවිය සඳහන් කළේ; රිපබ්ලිකන් පක්ෂ අපෙක්ෂකයා ඇතුළු සැලකිය යුතු දේශපාලනඥයින්ගේ දූරකථන සංවාද චීන රාජ්‍ය අනුබද්ධිත හැකර්වරුන් වෙත ගොස් ඇති බවයි.

ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (FBI) සහ එක්සත් ජනපද සයිබර් ආරක්ෂක ඒජන්සියට අනුව (US Cybersecurity and Infrastructure Security Agency) ඔක්තෝබර් 25 දින චීනය හා සම්බන්ධ පුද්ගලයින් විසින් වාණිජ විදුලි සංදේශ යටිතල පහසුකම් සඳහා අනවසරයෙන් ප්‍රවේශ වීමේ සිදුවීම සම්බන්ධයෙන් මේ වනවිට විමර්ශන ආරම්භ කර තිබෙන බව අමෙරිකාව නිවේදනය කරනවා.

ට්‍රම්ප්ගේ ව්‍යාපාරය පිළිබඳව මෙම හැකර් ප්‍රහාරය ඉලක්ක වී ඇති බවත් කෙටි පණිවුඩ වැනි සංකේතනය නොකළ සන්නිවේදනයන් වෙත පිවිසීමට චීන හැකර්වරුන්ට හැකි වූ බව ද වාර්තා වුණා.

ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක කමලා හැරිස්ගේ ප්‍රචාරක ව්‍යාපාරයට සම්බන්ධ පුද්ගලයන් භාවිත කළ දුරකථන ද චීන හැකර්වරුන්ගේ ඉලක්ක වූ බව පසුගියදා රොයිටර්ස් පුවත් සේවය ද තහවුරු කළා.

ට්‍රම්ප් සහ ඔහුගේ දේශපාලන සහකරු J.D. වැන්ස් ඉලක්ක කරගනිමින් මෙම හැකර් ප්‍රහාර එල්ල වී ඇති බවයි පැවසෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Kasthirama | “ගමන හිතකර ද ? - කස්තිරම විශේෂ වැඩසටහන
00:00
Video thumbnail
ආණ්ඩුවක් ලබාගත්තාම කරන වැඩේ දිලිත් කියයි
02:14
Video thumbnail
මුන් පුන්නක්කු ගොඩ කරගෙන මෙතනට ආවා
02:18
Video thumbnail
ජනාධිපතිතුමා යාපනය ශ්‍රී නාග විහාරයට යයි
01:01
Video thumbnail
මොඩියුලර් ක්‍රමය නැවත ඉල්ලලා මාතර දැඩි උණුසුම් වෙයි..අපි කාටවත් කඩේ යනවා නෙවෙයි මේ
03:55
Video thumbnail
ආණ්ඩුව ගෙදර යවන්න සජබ කණ්ඩායමක් පාරට බහී
06:57
Video thumbnail
ලි#ගික අධ්‍යාපනයේ නොදැනුවත් කම නිසා අපාරාධ කීයක් නම් වෙනවද..කිසිම ප්‍රතිසංස්කරණයක් 100%ක් හරි නෑ
04:02
Video thumbnail
කවුද බොල වනචාරියා - අපිලාගේ සාදුට රතු කට්ට පනී
03:30
Video thumbnail
හාමුදුරුවනේ ඔයාට කරදරයක් නෑනේ - සීලරතන හිමි, මිහින්තලේ හිමි බැහැදකී
01:30
Video thumbnail
සජබ කෘත්‍යාධිකාරී මණ්ඩලය තරුණ වෙයි..බලන්නකෝ සෙට් එකගේ තියෙන සතුට
01:31


?