චීන හැකර්වරු ට්‍රම්ප් ඇතුළු දේශපාලන ප්‍රබලයින්ගේ දූරකථන සංවාද අහලා?

චීන රාජ්‍ය අනුබද්ධිත හැකර්වරු අමෙරිකාවේ මෙවර ජනාධිපති ධුර අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නම් නොකරන ලද උපදේශකයෙකුගේ ඇතුළු එරට දේශපාලන ප්‍රබලයින්ගේ දූරකථන ඇමතුම්වලට සවන් දී රහස්‍ය තොරතුරු ලබාගෙන ඇති බවට එරට මාධ්‍ය වාර්තා කරනවා.

‘වොෂින්ටන් පෝස්ට්’ වෙබ් අඩවිය සඳහන් කළේ; රිපබ්ලිකන් පක්ෂ අපෙක්ෂකයා ඇතුළු සැලකිය යුතු දේශපාලනඥයින්ගේ දූරකථන සංවාද චීන රාජ්‍ය අනුබද්ධිත හැකර්වරුන් වෙත ගොස් ඇති බවයි.

ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (FBI) සහ එක්සත් ජනපද සයිබර් ආරක්ෂක ඒජන්සියට අනුව (US Cybersecurity and Infrastructure Security Agency) ඔක්තෝබර් 25 දින චීනය හා සම්බන්ධ පුද්ගලයින් විසින් වාණිජ විදුලි සංදේශ යටිතල පහසුකම් සඳහා අනවසරයෙන් ප්‍රවේශ වීමේ සිදුවීම සම්බන්ධයෙන් මේ වනවිට විමර්ශන ආරම්භ කර තිබෙන බව අමෙරිකාව නිවේදනය කරනවා.

ට්‍රම්ප්ගේ ව්‍යාපාරය පිළිබඳව මෙම හැකර් ප්‍රහාරය ඉලක්ක වී ඇති බවත් කෙටි පණිවුඩ වැනි සංකේතනය නොකළ සන්නිවේදනයන් වෙත පිවිසීමට චීන හැකර්වරුන්ට හැකි වූ බව ද වාර්තා වුණා.

ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක කමලා හැරිස්ගේ ප්‍රචාරක ව්‍යාපාරයට සම්බන්ධ පුද්ගලයන් භාවිත කළ දුරකථන ද චීන හැකර්වරුන්ගේ ඉලක්ක වූ බව පසුගියදා රොයිටර්ස් පුවත් සේවය ද තහවුරු කළා.

ට්‍රම්ප් සහ ඔහුගේ දේශපාලන සහකරු J.D. වැන්ස් ඉලක්ක කරගනිමින් මෙම හැකර් ප්‍රහාර එල්ල වී ඇති බවයි පැවසෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එජාපය මැයි 01 එන්නේ නැති එක ගැන මුජිබුර් කියයි..ඔතන පොඩි කොස්සක් තියෙනවනේ
04:38
Video thumbnail
ක්‍රිකට් අතුරුපාලක කමිටුවේ සභාපති තනතුරට ඉරාන් පත්වෙයිද ?එතුමට ක්‍රිකට් පිළිබඳ දැනුමක් තියෙනවා
03:33
Video thumbnail
අපිට අහන්න තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ තියෙන සල්ලි ගේන්නේ නැද්දෝ ? l Mujibur Rahman
02:30
Video thumbnail
සූගීෂ්වර ඇතුළු සෙට් එකට දුන් අසූචි ප්‍රහාරය ගැන මුජිබුර්ට යකා නගියි..මීට වඩා දරදඬු වෙන්න පුළුවන්
02:51
Video thumbnail
අපේ එකාව බේරගන්න ගියොත් විහිළු කාරයෝ වෙනවා..පිටුපස නිල් කොළ දේශපාලන හැකර්ලා ඉන්නවා ?
03:49
Video thumbnail
මුදල් ලේකම් පත් කිරීමම වැරදියි..මේක දේශපාලන පත්වීමක් - විපක්ෂයේ ඉන්නකොට මෙහෙම නෙවෙයි කිව්වේ
07:02
Video thumbnail
Praharaya | සමගි ජන බලවේගයේ පා.ම මුජිබුර් රහුමාන් සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:18:22
Video thumbnail
හොරාගෙන් පේන අහන වැඩක් - නලින්දගේ ප්‍රකාශයට මුජිබුර්ගෙන් සැර කතාවක්
05:25
Video thumbnail
වෙනත් ගිණුමකට බැරවුණු මුදල ගැන විපක්ෂය දැනගෙන මුනිවත රැක්කද ?.මුජිබුර් පිළිතුරු දෙයි
02:48
Video thumbnail
ඇයි ජනපති මේක පාර්ලිමේන්තුවෙන් වසන් කළේ ? බරපතළ ව්‍යවස්ථා උල්ලංඝනය කිරීමක්
02:44