චීන වරායේ IOC ඉන්ධන පිරවුම්හල අසල විරෝධයකට පොලිසිය හා හමුදාව මැදිහත් වෙයි.

සෑම දිනක ම නො කඩවා ඉන්ධන ලබා දුන් ත්‍රිකුණාමල චීන වරාය ලංකා ඉන්දියානු තෙල් ගබඩා සංකීර්ණය අසල පිහිටි IOC ඉන්ධන පිරවුම්හලේ ඉන්ධන අවසන් වීමත් සමඟ උණුසුම් තත්ත්වයක් ඇති වී තිබෙනවා.

ඊයේ උදෑසන සිට රාත්‍රී වන තෙක් ම මෙම ඉන්ධන පිරවුම්හලෙන් ඉන්ධන නිකුත් කර තිබෙනවා.

ඉන්ධන නොලැබුණු යම් පිරිසක් ත්‍රිකුණාමල – මඩකලපුව ප්‍රධාන මාර්ගය අවහිර කර ඇති අතර ලංකා ඉන්දියානු තෙල් සමාගමේ ප්‍රධාන පිවිසුම් මාර්ගයද අවහිර කිරීමට යාමේ දී එයට විරුද්ධ වූ චීන වරාය ගම්වාසීන් විසින් එම ස්ථානයෙන් විරෝධතාකරුවන් ඉවත් කිරීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

පසු ව විරෝධය පෑ පිරිස නැවතත් පැමිණ ලංකා ඉන්දියානු තෙල් සමාගම ඉදිරිපිට පිවිසුම් මාර්ගය අවහිර කිරීමත් සමඟ එතැනට ආරක්ෂක හමුදාව සහ පොලිසිය පැමිණ තිබේ.

එම නිසා සිදු වීමට ගිය විශාල ගැටුමක් නිරාකරණය කිරීමට හැකිවූ බවත්, එම ඉන්ධනහල අසල මේ වන විට දැඩි ආරක්ෂාවක් ද යොදා ඇති බවත් සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?