AFC Banner
Empty Ad
Empty Ad

චීන රොකට්ටුවක් තායිවාන අහසට

චන්ද්‍රිකාවක් රැගත් චීන රොකට්ටුවක් තායිවානයේ ගුවන් ආරක්ෂක හඳුනාගැනීමේ කලාපයේ (ADIZ) නැගෙනහිර කොටස හරහා ගමන් කළ බව Taiwan News වාර්තා කරනවා.

තායිවානයේ ජාතික ආරක්ෂක අමාත්‍යාංශය (MND) පැවසුවේ රොකට්ටුව ෂැන්සි හි Taiyuan චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානයෙන් දියත් කළ බවයි.

එය කහ මුහුද දෙසින්, නැගෙනහිර තායිවානයට ඉහළින් පියාසර කර, පසුව පිලිපීනයට නැගෙනහිරින් පිහිටි ජල තීරයට ඉහළින් ගමන් කර තිබෙනවා.

තායිවානයේ ජාතික ආරක්ෂක අමාත්‍යංශය ප්‍රකාශ කළේ තමන් රොකට්ටුව දියත් කිරීම නිරීක්‍ෂණය කර සුදුසු පූර්වාරක්‍ෂක පියවර ගත් බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?