චීනයේ බීජිං හි සිදු වන ලිතියම් වායු දූෂණය ශීඝ්‍ර ලෙස ඉහළ යාම හේතුවෙන් එරට ගැබිණි මව්වරුන් මෙන් ම ළඳරුවන් ද දැඩි ජීවිත තර්ජනයකට මුහුණ දී ඇති බව වාර්තා වනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම තත්ත්වය ගැන එරට සෞඛ්‍ය විශේෂඥයින් සහ පාරිසරික පර්‍යේෂකයින් අතර බරපතළ කනස්සල්ලක් මතු කර ඇති බවයි.
චීන වෛද්‍ය පර්‍යේෂක කණ්ඩායමක් සිදු කළ නවතම අධ්‍යයනයකින් හෙළි ව ඇත්තේ ගර්භණී කාන්තාවන්ගේ සහ අලුත උපන් බිළිඳුන්ගේ රුධිර ප්‍රවාහයේ ලිතියම් අයනවල භයානක මට්ටමක් වාර්තා වී ඇති බවයි.
බීජිං හි ලිතියම් සාන්ද්‍රණය ආරක්ෂිත සීමාව 170% කින් ඉක්මවා යන බව විද්‍යාඥයින් සොයාගෙන තිබෙනවා.
මෙම තත්ත්වය හේතුවෙන් ස්නායු අවදානම්, තයිරොයිඩ් අක්‍රියතාව සහ මාරාන්තික සංවර්ධන සංකූලතා ඇති කරන බවයි වාර්තා වන්නේ.
එරට මාධ්‍ය වාර්තා කරන්නේ වත්මන් චීන රජය මෙම භයානක තත්ත්වය පිළිබඳ ව ඇති වාර්තා යටපත් කර ඇති බවයි.