චීන මව්වරුන් සහ ළඳරුවන් දැඩි අවදානමක වැටෙයි

චීනයේ බීජිං හි සිදු වන ලිතියම් වායු දූෂණය ශීඝ්‍ර ලෙස ඉහළ යාම හේතුවෙන් එරට ගැබිණි මව්වරුන් මෙන් ම ළඳරුවන් ද දැඩි ජීවිත තර්ජනයකට මුහුණ දී ඇති බව වාර්තා වනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම තත්ත්වය ගැන එරට සෞඛ්‍ය විශේෂඥයින් සහ පාරිසරික පර්‍යේෂකයින් අතර බරපතළ කනස්සල්ලක් මතු කර ඇති බවයි.

චීන වෛද්‍ය පර්‍යේෂක කණ්ඩායමක් සිදු කළ නවතම අධ්‍යයනයකින් හෙළි ව ඇත්තේ ගර්භණී කාන්තාවන්ගේ සහ අලුත උපන් බිළිඳුන්ගේ රුධිර ප්‍රවාහයේ ලිතියම් අයනවල භයානක මට්ටමක් වාර්තා වී ඇති බවයි.

බීජිං හි ලිතියම් සාන්ද්‍රණය ආරක්ෂිත සීමාව 170% කින් ඉක්මවා යන බව විද්‍යාඥයින් සොයාගෙන තිබෙනවා.

මෙම තත්ත්වය හේතුවෙන් ස්නායු අවදානම්, තයිරොයිඩ් අක්‍රියතාව සහ මාරාන්තික සංවර්ධන සංකූලතා ඇති කරන බවයි වාර්තා වන්නේ.

එරට මාධ්‍ය වාර්තා කරන්නේ වත්මන් චීන රජය මෙම භයානක තත්ත්වය පිළිබඳ ව ඇති වාර්තා යටපත් කර ඇති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15
Video thumbnail
බන්ධනාගාර තදබදය ගැන හර්ෂණ කට අරියි - බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළේ තියෙන ප්‍රශ්නයක්ම නෙවෙයි
03:21
Video thumbnail
සීට් බෙල්ට් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පොලිසිය
01:15
Video thumbnail
සිව් දෙනෙක් දිය රකුසට හ#වූ ඛේදවාචකය
01:17