චීන පාතාලය කොළඹ හොල්ලයි – පුද්ගලයෙක් පැහැරගෙන කෝටිකට අධික මුදලක් කොල්ල කාලා

මෙරට රැඳී සිටිමින් ව්‍යාපාර කටයුතු සිදුකරගෙන ගිය චීන ජාතිකයෙක්, චීන ජාතික කල්ලියක් විසින් පැහැරගැනීමේ සිදුවීමක් වාර්තා වුණා.

පසුගිය 22 වනදා රාත්‍රියේ කොල්ලුපිටිය ප්‍රදේශයේ දී මෙම චීන ජාතිකයාව මෙලෙස පැහැරගෙන ගොස් තිබෙනවා.

වෑන් රථ දෙකකින් පැමිණි චීන ජාතිකයින් අටදෙනෙක් විසින් ව්‍යාපාරික ස්ථානයේ රැඳී සිටි මෙම චීන ජාතිකයාව පැහැරගෙන ගොස් ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

පැහැරගැනීමට ලක්වූ චීන ජාතිකයාගේ දෑස් සහ අත්පා බැඳ පැයකට ආසන්න කාලයක් වාහනයකින් යම් ස්ථානයකට ගෙන ගොස් අමානුෂික ලෙස ඔහුට පහර දී ඇති බවයි වාර්තා වුණේ.

එහිදී මෙම පැහැරගැනීම සිදුකළ චීන ජාතිකයින්ගෙන් සැදුම්ලත් කල්ලිය, අදාළ චීන ජාතිකයාට පහර දී ඔහුගේ බැංකු ගිණුමෙන් රුපියල් කෝටිකට අධික මුදලක් වෙනත් ගිණුමකට ගිණුම්ගත කරගෙන තිබෙනවා.

අනතුරුව පැහැරගැනීමට ලක්වූ චීන ජාතිකයාව ඊයේ (23) දහවල් මාර්ගයකට දමා ගොස් සිටිය දී සොයාගෙන ඇති අතර, පැහැරගැනීමට ලක්වූ එම චීන ජාතිකයා බරපතළ තත්ත්වයෙන් කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කිරීමෙන් පසු මේ වනවිට එහි ප්‍රතිකාර ලබනවා.

ඔහු පවසන්නේ චීන ජාතිකයින්ගෙන් සැදුම්ලත් කල්ලියක් විසින් මීට පෙර අවස්ථාවලදී ද චීන ජාතිකයින් මෙලෙස පැහැරගෙන ගොස් මෙවැනි ආකාරයේ දරුණු වද හිංසා සිදුකර ඇති බවයි.

මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසියෙන් සිදුකළ විමසීමක දී එහි උසස් නිලධාරියෙක් සඳහන් කළේ මෙම සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන අරඹා ඇති බවත්, පැහැරගැනීමට ලක් වූ කියන චීන ජාතිකයාගෙන් ද පොලිස් නිලධාරීන් රෝහලට ගොස් ප්‍රකාශ සටහන් කරගත් බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
11
+1
13
+1
5
+1
3
+1
3
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිල්කා සමන්මලීට කළ අපහාසයට හිරුණිකාගෙන් සැර ප්‍රකාශයක්..අවු:7 -10 සිර දඬුවම් විදින්න වෙනවා
08:18
Video thumbnail
බලශක්ති ඇමතිට අජිත් හොඳම එකෙන් දෙසයි..කුමාර විතරක් නෙවෙයි මේකට තව අය සම්බන්දයි
12:11
Video thumbnail
ගම්මන්පිලගේ පොත එළිදැක්වීමට සජිත් ප්‍රේමදාස නෙවෙයි ගියේ - AIවලින් දාලා එතුමව
04:04
Video thumbnail
රැදවුම් භාරයේ සිටින පිල්ලෙයාන් අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත රැගෙන ආ අයුරු
02:02
Video thumbnail
රාජපක්ෂ නාමය නැතුව විරුද්ධවාදීන්ට දේශපාලනය කරන්න අමාරුයි l Namal Rajapaksa
03:25
Video thumbnail
ගල් අඟුරු වංචාව පිටිපස්සේ රටේ විධායක ජනාධිපති අනුර ඉන්නවා..පික්පොකට් එක ගහලා තියෙන්නේ හොරා කියපු එකා
02:45
Video thumbnail
සමුපකාර සභාපතිට සමුපකාර රෝහලේ සේවකයන්ගෙන් දැඩි විරෝධයක්
00:38
Video thumbnail
සමුපකාර සභාපතිට සමුපකාර රෝහලේ සේවකයන්ගෙන් හූ කියයි..ඔක්කොම හොරා කෑවා..අන්න හොරා යනවා..හූ..හූ
01:25
Video thumbnail
අද සිට කොළඹ දිස්ත්‍රික්කයේ පැය 24ම ජල කප්පාදුව වෙන්නේ මෙහෙමයි
05:21
Video thumbnail
දවස් 20කට පමණයි ජලය තියෙන්නේ ?..ජලය සීමා කිරීමක් කරන්න වෙනවා
06:10