AFC Banner
Empty Ad
Empty Ad

චීන ජෛව තාක්‍ෂණ සමාගම් රැසක් අසාදු ලේඛනගත කිරීමේ පනත සම්මතයි

චීන ජෛව තාක්‍ෂණ සමාගම් සහ ඔවුන්ගේ එක්සත් ජනපද අනුබද්ධිත සමාගම් අසාදු ලේඛනගත කරන නීති එක්සත් ජනපද මන්ත්‍රී මණ්ඩලය සම්මත කර තිබෙනවා.

ඡන්ද 306 ට 81කින් අනුමත වූ පනත මීළඟට සෙනෙට් සභාවේ අනුමැතියට යැවෙනවා.

නව නීතිය ඇමෙරිකා එක්සත් ජනපදයේ ව්‍යාපාර ආරම්භ කිරීමට නියමිත BGI Group, BGI spinoffs MGI Tech Co. සහ MGI හි US අනුබද්ධිත Complete Genomics Inc., WuXi AppTec Co., සහ WuXi Biologics යන සමාගම්වලට බලපානු ඇති.

WuXi AppTec සහ WuXi Biologics කියා සිටියේ ඔවුන් එක්සත් ජනපදයට හෝ කිසිදු ජාතියකට ආරක්ෂක අවදානමක් ඇති නොකළ බවයි.

තමන් දැඩි ලෙස නීති අනුගමනය කරන බැවින් ඇමරිකානුවන්ගේ පුද්ගලික දත්ත වෙත ප්‍රවේශයක් නොමැති බව BGI සමූහය ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියා.

මෙම තීරණයත් සමග Wuxi Biologics හි කොටස් හොංකොං හි 3.9% කින් පහත වැටුණු අතර WuXi AppTec 10% කින් පහත වැටුණා.

චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මාඕ නින්ග් පැවසුවේ, තමන් රටක් ලෙස මෙම පනතට විරුද්ධ බවයි.

චීනය “තමන්ගේම සමාගම්වල නීත්‍යානුකූල අයිතිවාසිකම් සහ අවශ්‍යතා ස්ථිරව ආරක්ෂා කිරීමට දිගටම කටයුතු කරනු ඇත,” ඇය තවදුරටත් පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?