චීන ජෛව තාක්‍ෂණ සමාගම් රැසක් අසාදු ලේඛනගත කිරීමේ පනත සම්මතයි

චීන ජෛව තාක්‍ෂණ සමාගම් සහ ඔවුන්ගේ එක්සත් ජනපද අනුබද්ධිත සමාගම් අසාදු ලේඛනගත කරන නීති එක්සත් ජනපද මන්ත්‍රී මණ්ඩලය සම්මත කර තිබෙනවා.

ඡන්ද 306 ට 81කින් අනුමත වූ පනත මීළඟට සෙනෙට් සභාවේ අනුමැතියට යැවෙනවා.

නව නීතිය ඇමෙරිකා එක්සත් ජනපදයේ ව්‍යාපාර ආරම්භ කිරීමට නියමිත BGI Group, BGI spinoffs MGI Tech Co. සහ MGI හි US අනුබද්ධිත Complete Genomics Inc., WuXi AppTec Co., සහ WuXi Biologics යන සමාගම්වලට බලපානු ඇති.

WuXi AppTec සහ WuXi Biologics කියා සිටියේ ඔවුන් එක්සත් ජනපදයට හෝ කිසිදු ජාතියකට ආරක්ෂක අවදානමක් ඇති නොකළ බවයි.

තමන් දැඩි ලෙස නීති අනුගමනය කරන බැවින් ඇමරිකානුවන්ගේ පුද්ගලික දත්ත වෙත ප්‍රවේශයක් නොමැති බව BGI සමූහය ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියා.

මෙම තීරණයත් සමග Wuxi Biologics හි කොටස් හොංකොං හි 3.9% කින් පහත වැටුණු අතර WuXi AppTec 10% කින් පහත වැටුණා.

චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මාඕ නින්ග් පැවසුවේ, තමන් රටක් ලෙස මෙම පනතට විරුද්ධ බවයි.

චීනය “තමන්ගේම සමාගම්වල නීත්‍යානුකූල අයිතිවාසිකම් සහ අවශ්‍යතා ස්ථිරව ආරක්ෂා කිරීමට දිගටම කටයුතු කරනු ඇත,” ඇය තවදුරටත් පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශිරන්ති බලන්න සීලරතන හිමි වැලිකඩට - පට්ටපල් හොරු ටික හිරේ දැම්මට කමක් නෑ
04:51
Video thumbnail
වැසිකිළියකින් මතුවූ නීති විරෝධී මත්පැන් ස්කාගාරය - බඩුත් එක්කම සැකකරුවෙක් මාට්ටු
02:33
Video thumbnail
මහානායක හිමි ගැට ගහපු පිරිත් නූල ජනාධිපති විසික් කරලා ගිහින් ?
06:24
Video thumbnail
ජනාධිපතිතුමා පුළුවන්නම් ඔය පුටුවට මාව ගෙන්න ගනින් - ඔය Logic දාපන් මට
02:45
Video thumbnail
දන් බත් කාලා බුදු බණවලින් ග#න්න එන්න එපා - සිවුරට අත තියලා වෙච්ච දේ දැක්කනේ..
02:39
Video thumbnail
අපි හිරේ දැම්මත්, ජම්පරේ ඇන්දුවත් සටන අත් හරින්නේ නෑ - උන්වහන්සේ අපි වෙනුවෙන් හිරබත් කනවා
04:07
Video thumbnail
මහා සංඝ රත්නය ඥානසාර හිමි වෙනුවෙන් මහනුවර සිට අරඹපු පා ගමන - දහස් ගණනක් දළඳා මාළිගාවට එකතුවෙයි
01:31
Video thumbnail
හරියට කරනවනම් කරපල්ලා..නැත්තම් දාලා පලයල්ලා - අනුරලා රජ වෙන්න ඉස්සර අරිහත් ධජයේ හැංඟිලා හිටියේ
09:57
Video thumbnail
මෛත්‍රී ගුණරත්න ආණ්ඩුවට දෙහි ක#පයි - සදාචාරයට පටහැනි දේවල් මේ ජනපති කරන්නේ
04:07
Video thumbnail
අනේ දෙයියනේ..අද ජාතියේ මුරදේවතාවන්ට ග#න ගැ#හිල්ල - සිවුරට අත තියනවනම් සියපාරක් හිතන්න ඕනි
03:09