AFC Banner
Empty Ad
Empty Ad

චීන ජාතිකයෙක් මෙරටින් පිටුවහල් කෙරේ

චීනය තුළ එරට මුදල් ඒකකය වන යුවාන් මුදල් මහා පරිමාණයෙන් වංචා කර ජාත්‍යන්තර පොලිසියෙන් නිල් වරෙන්තු ( Blue Warrant ) ලක් ව සිටි, චීන ජාතිකයෙකු ඊයේ (04) රාත්‍රියේ දී කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් පිටුවහල් කර තිබෙනවා.

අප ගුවන් තොටුපොළ වාර්තාකරු පැවසුවේ මෙම චීන ජාතිකයා 28 හැවිරිදි තරුණයෙකු බවයි.

සැකකරු එරට මහා පරිමාණ මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් චීන පොලිසියට අත්‍යවශ්‍ය සිටි අයෙක්.

මෙම සැකකරු පෙරේදා (03) මාලදිවයිනේ සිට මෙරටට පැමිණ තිබෙනවා.

එහිදී ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් මොහු අත්අඩංගුවට ගෙන ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දෙනු ලැබුවා.

ඉන් අනතුරුවයි සැකකාර චීන ජාතිකයාව කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් මොහු පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සිදු කර, මොහු පැමිණි මාලදිවයින වෙත ඊයේ රාත්‍රී 08.35 ට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 653 දරන ගුවන් යානයෙන් පිටුවහල් කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?