චීන ජාතිකයෙක් මෙරටින් පිටුවහල් කෙරේ

චීනය තුළ එරට මුදල් ඒකකය වන යුවාන් මුදල් මහා පරිමාණයෙන් වංචා කර ජාත්‍යන්තර පොලිසියෙන් නිල් වරෙන්තු ( Blue Warrant ) ලක් ව සිටි, චීන ජාතිකයෙකු ඊයේ (04) රාත්‍රියේ දී කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් පිටුවහල් කර තිබෙනවා.

අප ගුවන් තොටුපොළ වාර්තාකරු පැවසුවේ මෙම චීන ජාතිකයා 28 හැවිරිදි තරුණයෙකු බවයි.

සැකකරු එරට මහා පරිමාණ මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් චීන පොලිසියට අත්‍යවශ්‍ය සිටි අයෙක්.

මෙම සැකකරු පෙරේදා (03) මාලදිවයිනේ සිට මෙරටට පැමිණ තිබෙනවා.

එහිදී ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් මොහු අත්අඩංගුවට ගෙන ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දෙනු ලැබුවා.

ඉන් අනතුරුවයි සැකකාර චීන ජාතිකයාව කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් මොහු පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සිදු කර, මොහු පැමිණි මාලදිවයින වෙත ඊයේ රාත්‍රී 08.35 ට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 653 දරන ගුවන් යානයෙන් පිටුවහල් කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහා පරිමාණ ගංජා වගාවක් හම්බෙගමුව පොලිසිය වටලයි
00:27
Video thumbnail
පස් දෙනෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුරට පෙර කට්ටිය හිනා වෙවී සතුටින් හිටිය හැටි
03:12
Video thumbnail
පොලිසියට චණ්ඩි පාට් දාපු පුද්ගලයාව පොලිසියෙන් කුදලන් ගිය හැටි
01:25
Video thumbnail
රටට තියන එකම විකල්පය සජබයයි - ජනතාව අසරණ වෙලා ඉන්නේ
02:52
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47