චීන චොංචිං විකාශන සමූහය සහ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කෙරේ

දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වය සහ අන්‍යෝන්‍ය අවබෝධය වැඩිදියුණු කිරීම, සහයෝගිතාව ශක්තිමත් කිරීම සහ මාධ්‍ය ක්ෂේත්‍රයේ පුහුණු අවස්ථා හුවමාරු කර ගැනීම අරමුණු කර ගනිමින් මහජන චීන සමූහාණ්ඩුවේ චොංචිං විකාශන සමූහය සහ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීමට යෝජනා වී තිබෙනවා.

යෝජිත අවබෝධතා ගිවිසුම මගින් මහජන චීන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකාව අතර වැඩසටහන් හුවමාරු කර ගැනීම, ඉගෙනුම් හා පුහුණු අවස්ථා ප්‍රවර්ධනය කිරීම, ඒකාබද්ධ රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදනය කිරීම සහ සංචාරක කර්මාන්තයට අවශ්‍ය ප්‍රචාරණය ලබා ගැනීම සඳහා අවස්ථාව සැලසෙනු ඇත. ඒ අනුව, මහජන චීන සමූහාණ්ඩුවේ චොංචිං විකාශන සමූහය සහ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව අතර යෝජිත අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?