චීන – අමෙරිකා රාජ්‍ය නායක හමුව මෙවර අමෙරිකාවේ දී (ඡායාරූප)

අමෙරිකා වේලාවෙන් නොවැම්බර් 15 වැනිදා, චීන ජනාධිපති ෂී ජින්පිං සහ අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් හමු වුණා.

විදෙස් මාධ්‍ය පෙන්වාදෙන්නේ; සැන් ෆ්‍රැන්සිස්කෝ නුවර පිහිටි ෆිලෝලි වතුයායේ දී මෙම නිල හමුව පැවැත්වුණු බවයි.

ජෝ බයිඩන් ජනාධිපතිවරයා බාලි දූපතේ දී හමු වී වසරක් ගත වී ඇති බව චීන ජනාධිපතිවරයා මෙහිදී සිහිපත් කර තිබෙනවා.

ගෙවී ගිය වසර තුළ, බොහෝ දෑ සිදු වූ බවයි හෙතෙම වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

කොවිඩ් වසංගතයෙන් පසු ලෝකය යළි ප්‍රකෘතිමත් වී ඇතත්; වසංගතයෙන් මතු වූ විශාල බලපෑම්වලට තවමත් මුහුණ දෙමින් සිටින බව ද මෙම සාකච්ඡාවේ දී ලෝක බලවතුන් දෙදෙනා අතර සිදු වූ සංවාදාත්මක කරුණු අතරට ඇතුළත්.

ලෝක ආර්ථිකය යථා තත්ත්වයට පත්වෙමින් පැවතිය ද එහි ගම්‍යතාව ප්‍රමාණවත් නොවන බවත්; කාර්මික හා සැපයුම් දාමයන්ට විවිධ බාධා එල්ල වී ඇති බවත්; ආරක්ෂණවාදය ද ඉහළ යමින් පැවතීම කැපී පෙනෙන කාරණයක් බව ද මෙහිදී පෙන්වා දුන්නා.

ගෙවී ගිය වසර 50කට වැඩි කාලයක් තුළ, වරින් වර විවිධ ප්‍රශ්න මතු වුව ද චීන අමෙරිකා සබඳතා අඛණ්ඩ ව ඉදිරියට යමින් වර්ධනය වී ඇති බව ෂී ජින්පිං සඳහන් කළා.

මෙවැනි ප්‍රබල රටවල් දෙකක් අතර සබඳතා නොපැවතීම සිදු විය නොහැකි දෙයක් වන අතර එක රටක් අනෙක් රට වෙනස් කිරීමට උත්සාහ දැරීම යථාර්ථවාදී නොවන බව ද මෙහිදී මතු වූ කාරණයක්.

ගැටීමේ ප්‍රතිඵලය කිසිදු පාර්ශ්වයකට භාරගත නොහැකි බව‍යි චීන ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.

ෂී ජින්පිං මහතා සිය මතය යළි ප්‍රකාශ කරමින් පැවසුවේ ප්‍රබල රටවල් අතර තරග කිරීම නූතන යුගයේ හරය බවට පත් නොවන බවයි.

මේ හේතුවෙන් ලෝකය මුහුණදෙන ප්‍රශ්න විසඳිය නොහැකි බවත්; චීනය හා අමෙරිකාවේ පැවැත්මට පෘථිවියේ ප්‍රමාණවත් අවකාශයක් පවතින බව ද මෙහිදී අනාවරණය වුණා.

චීන අමෙරිකා සබඳතාවේ නියමුවන් ලෙස තමාට හා ජෝ බයිඩන් ජනාධිපතිවරයාට ජනතාව, ලෝකය හා ඉතිහාසය වෙනුවෙන් දැවැන්ත වගකීම් සම්භාරයක් ඇති බව ෂී ජින් පිං සිය මිත්‍ර බයිඩ්න් හමුවේ පෙන්වා දුන්නා.

මෙම හමුවෙන් පසු දෙපාර්ශ්වයේ ජනාධිපතිවරුන් වෙනුවෙන් දිවා භෝජන සංග්‍රහයක් ද පවත්වා තිබෙනවා.

WhatsApp Image 2023 11 16 at 11.00.12 2
WhatsApp Image 2023 11 16 at 11.00.12
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54
Video thumbnail
බලශක්ති ඇමතිගේ පොටෝ එකක් අරන් ගමක් දෙවනත් කළ පන්දම් විරෝධතාව..පච අනුර එදා කිව්වේ බොරු..
08:33
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:25
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:21