විවිධ විවේචන එල්ල වුවත් තවදුරටත් ශුන්‍ය කෝවිඩ් ප්‍රතිපත්තිය හෙවත් Zero Covid ප්‍රතිපත්තිය මත පිහිටා කටයුතු කරන බව චීනය අවධාරණය කරයි.
චීන විදේශ අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක සාඕ ලිජීයෑන් සදහන් කරන්නේ තම රට දැඩි සීමාකිරීම් සහිත කෝවිඩ් ශුන්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ තම ජනතාවගේ සහ චීනය තුළ වෙසෙන විදේශිකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් බවයි.
එම ප්‍රතිපත්තිය ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශවලට සම්පූර්ණයෙන්ම අනුකූල බව ද ඔහු වැඩිදුරටත් සදහන් කර තිබේ.
කෙසේවෙතත්, ඇතැම් විශේෂඥයන් දැඩි සීමා කිරීම් සහිත චීනයේ මෙම කෝවිඩ් ශුන්‍ය ප්‍රතිපත්තිය දැඩි ලෙස විවේචනය කරන අතර චීන ජනතාවගෙන් ද ඒ සදහා දැඩි විරෝධයක් එල්ලවෙමින් පවතී.
ෂැංහයි ඇතුළු නගර ගණනාවක ජනතාව පසුගිය දිනවල ශුන්‍ය කෝවිඩ් ප්‍රතිපත්තියට අදාළ දැඩි සීමාකිරීම්වලට එරෙහිව විවිධාකාරයෙන් විරෝධතා දැක්වූ අතර ඒ සම්බන්ධ වීඩියෝ චීනයේ සමාජ මාධ්‍යවලද සැරිසරනු නිරීක්ෂණය කළ හැකි විය.