AFC Banner
AFC Banner
Empty Ad

චීනයේ සහය නොමැතිව ශ්‍රී ලංකාවට ණය දීමට IMF සුදානම්

චීනයෙන් ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබද විධිමත් සහතිකයක් නොමැතිව වුවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ණයදීම පිළිබදව සලකා බැලීමට තීරණය කල බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා

බ්ලුම්බර්ග් පුවත් සේවය උපුටා දක්වන්නේ ශ්‍රී ලංකාවට ණය ලබා දීම සඳහා යෙදිය හැකි නිශ්චිත IMF ප්‍රතිපත්ති පිළිබඳව පැවති සාකච්චා සාර්ථක නොවූ බවයි.

එබැවින් ශ්‍රී ලංකාවට ණය ලබාදීම සදහා වන ඉල්ලීම සලකා බැලීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයට හැකි වන පරිදි බලධාරීන් මූල්‍ය සහතික කිරීම් දිගටම කරගෙන යන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රකාශකයෙකු පවසා තිබෙනවා.

ඉදිරි ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග සම්පූර්ණ කිරීමට කටයුතු කරන ශ්‍රී ලංකා බලධාරීන් සමඟ IMF කාර්ය මණ්ඩලය අඛණ්ඩව කටයුතු කරන බවයි ඔහු වැඩිදුරටත් පවසා තිබෙන්නේ.

ණය දීම සම්බන්ධයෙන් කලාතුරකින් භාවිතා වන ප්‍රතිපත්තියක් යටතේ,චීනයේ සහතිකය නොමැතිව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ණය අනුමත කිරීමට සලකා බලන බව ඔහු එම සාකච්චාවේදී පැවසූ බව බ්ලුම්බර්ග් පවසනවා.

මෙම ප්‍රතිපාදනය දැඩි මූල්‍ය අවශ්‍යතාවයක් ඇති රටකට පවතින අවහිරතා වැලැක්වීම සදහා IMF විසින් ගන්නාවූ ක්‍රියාමාර්ගයක් බවත් ඒ සදහාවන කොන්දේසි සපුරාලීමට ණය ලාභියා කැපවිය යුතු බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයා වැඩිදුරටත් පවසා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අලි වැදෙන හැටි බලන්න කෝච්චියේ ගිය ඇමති - රැස්වීමත් උණුසුම් - නිලධාරීන්ට තද වෙයි
Video thumbnail
නවසීලන්තයට යන්න කළින් අපේ කෙල්ලෝ කියපු මොරාල් කතාව
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
02:47:52
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:27:01
Video thumbnail
දයාසිරි මේ වගේ කතාවක් කරයි කියලා හිතුවද ?
10:00
Video thumbnail
තනියම ඩයස්පෝරාවට සද්දේ දැමු මේජර් ජනරාල් සම්මානයක් දිනාගනී
02:02
Video thumbnail
කළුතර සිංහයා රෝහිත ගමකට කන්න දෙයි
04:37
Video thumbnail
මෙයාලගේ ගොඩාක් තියෙන්නේ බොරුව...
05:22
Video thumbnail
මේ පාතාල කේස් ඔක්කොම කළින් ආණ්ඩුවල වැරදි - මාලිමා මන්ත්‍රී කියයි
06:58
Video thumbnail
ටියුෂන් දෙන්නම් කියපු මනුස්සයා වහාම ඉල්ලා අස් වෙන්න ඕන
04:41

?