චීනයේ සහය නොමැතිව ශ්‍රී ලංකාවට ණය දීමට IMF සුදානම්

චීනයෙන් ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබද විධිමත් සහතිකයක් නොමැතිව වුවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ණයදීම පිළිබදව සලකා බැලීමට තීරණය කල බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා

බ්ලුම්බර්ග් පුවත් සේවය උපුටා දක්වන්නේ ශ්‍රී ලංකාවට ණය ලබා දීම සඳහා යෙදිය හැකි නිශ්චිත IMF ප්‍රතිපත්ති පිළිබඳව පැවති සාකච්චා සාර්ථක නොවූ බවයි.

එබැවින් ශ්‍රී ලංකාවට ණය ලබාදීම සදහා වන ඉල්ලීම සලකා බැලීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයට හැකි වන පරිදි බලධාරීන් මූල්‍ය සහතික කිරීම් දිගටම කරගෙන යන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රකාශකයෙකු පවසා තිබෙනවා.

ඉදිරි ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග සම්පූර්ණ කිරීමට කටයුතු කරන ශ්‍රී ලංකා බලධාරීන් සමඟ IMF කාර්ය මණ්ඩලය අඛණ්ඩව කටයුතු කරන බවයි ඔහු වැඩිදුරටත් පවසා තිබෙන්නේ.

ණය දීම සම්බන්ධයෙන් කලාතුරකින් භාවිතා වන ප්‍රතිපත්තියක් යටතේ,චීනයේ සහතිකය නොමැතිව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ණය අනුමත කිරීමට සලකා බලන බව ඔහු එම සාකච්චාවේදී පැවසූ බව බ්ලුම්බර්ග් පවසනවා.

මෙම ප්‍රතිපාදනය දැඩි මූල්‍ය අවශ්‍යතාවයක් ඇති රටකට පවතින අවහිරතා වැලැක්වීම සදහා IMF විසින් ගන්නාවූ ක්‍රියාමාර්ගයක් බවත් ඒ සදහාවන කොන්දේසි සපුරාලීමට ණය ලාභියා කැපවිය යුතු බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයා වැඩිදුරටත් පවසා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.23
00:00
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.22
52:18
Video thumbnail
පාස්කුවේ විත්තිකරුවන් නව දෙනෙකු නිදොස් කොට නිදහස්
00:43
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ
01:30
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?
01:31
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ - දැන් දේවාලයට වදින්න පුළුවන් වෙයි
02:23
Video thumbnail
විපක්ෂය දුර්වලයි කියද්දි රෝහණට යකා නැග්ගද ?එයාලා එක්ක ග#ගන්නද කියන්නේ ?
02:56
Video thumbnail
ලෝකය දකින නායකයෙක් සජිත් කියන්නේ - ආතල් එකට බොරු කියලා චූන් කරන්නේ නෑ
02:53
Video thumbnail
කටට එන දෙයක් කියන නායකයෙක් බවට ජනාධිපති පත්වෙලා.. කතාවලට වැලිව් එකක් නෑ
02:06
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?රෝහණගෙන් ප්‍රබල හෙළිදරව්වක්
02:12