චීනයේ මගුල් කෑම අඩුවෙයි

චීනයේ සිවිල් කටයුතු අමාත්‍යාංශයේ නවතම සංඛ්‍යාලේඛනවලට අනුව 2024 වසරේ මුල් භාගයේදී විවාහ වූ චීන ජෝඩු සංඛ්‍යාව 2013 වසරෙන් පසු පහළම මට්ටමට වැටී තිබෙනවා.

ඊට හේතු වී ඇත්තේ නරක අතට හැරෙන ආර්ථිකයක් සහ ජීවන වියදම් ඉහළ යාම මධ්‍යයේ රටේ තරුණ තරුණියන් වැඩි පිරිසක් විවාහ මංගල්‍යයන් කල් දැමීමයි.

නිල දත්ත පෙන්නුම් කරන්නේ මෙම වසරේ මුල් භාගය තුළ චීන යුවළ මිලියන 3.43 ක් විවාහ වී ඇති අතර, පසුගිය වසරේ (2023) එම කාලයට සාපේක්ෂව යුවළ 498,000 කින් අඩු වී ඇති අතර එය 2013 සිට වාර්තා වූ අඩුම අගයයි.

2024 වසරේ විවාහ ලියාපදිංචි කිරීමේ වාර්ෂික සංඛ්‍යාව 1980 න් පසු අඩුම අගය වාර්තා කරනු ඇතැයි පුරෝකතනය කර තිබෙනවා.

නවතම සංඛ්‍යාලේඛන අනුව යුවළ මිලියන 1.27ක් දික්කසාද වී ඇතැයි සඳහන්.

සංඛ්‍යාලේඛනවලට අනුව, විවාහ ලියාපදිංචි කිරීම් සංඛ්‍යාව වසර ගණනාවක් තිස්සේ අඩුවෙමින් පවතින අතර, 2014 මුල් භාගයේදී මිලියන 6.94 සිට 2022 පළමු භාගයේදී මිලියන 3.73 දක්වා ක්‍රමයෙන් පහත වැටුණා.

2023 පළමු භාගය තුළ යුවළ මිලියන 3.92ක් ලෙස සුලු ඉහළ යෑමක් පෙන්නුම් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
6
+1
2
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.03.19
00:00
Video thumbnail
අප්‍රේල් මාසයේ තෙල් නැතිවීමේ සම්භාවිතාවක්ද ?..ආයේ QR එක හදාගන්න බෑ කියලා කියන්න බෑ
13:31
Video thumbnail
"රටේ කිසිම අර්බුදයක් නෑ" කිව්ව නි.ඇමතිට සජිත් කට උත්තර නැතිවෙන්න කිව්ව දේ
05:07
Video thumbnail
"රනිල්ට ශල්‍යකර්මයක් කරලා"රවී කතාව නවතා සංවේදී වී රනිල් ගැන කිව්ව දේ
01:43
Video thumbnail
අර්චුනා කුපිත වී හොඳටම දෙසයි..සු## කියන එකා මට කුණුහරුපෙන් බැන්නා..තාම පැමිණිල්ල බලලා නෑ
00:58
Video thumbnail
අංක ක්‍රමය ගැන ජනතාව කිව්ව දේ..අපි ආණ්ඩුවට බැනලා වැඩක් නෑ..මිනිස්සු තේරුම් ගන්න ඕනි..
01:39
Video thumbnail
QR ගැටලුවලට බිමල්ගෙන් විශේෂ ප්‍රකාශයක්..මෙහෙම අලුත් QR එකක් ගන්න පුළුවන්
07:49
Video thumbnail
තලවතුගොඩ, බත්තරමුල්ල ප්‍රදේශවල මහ රෑත් දිගු ඉන්ධන පෝළිම්
00:42
Video thumbnail
කොලොන්නාවේ තෙල් ගබඩා පර්යන්තයේ දැන් වෙන දේ මෙන්න
00:23
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.03.19
28:33