චීනයේ මගුල් කෑම අඩුවෙයි

චීනයේ සිවිල් කටයුතු අමාත්‍යාංශයේ නවතම සංඛ්‍යාලේඛනවලට අනුව 2024 වසරේ මුල් භාගයේදී විවාහ වූ චීන ජෝඩු සංඛ්‍යාව 2013 වසරෙන් පසු පහළම මට්ටමට වැටී තිබෙනවා.

ඊට හේතු වී ඇත්තේ නරක අතට හැරෙන ආර්ථිකයක් සහ ජීවන වියදම් ඉහළ යාම මධ්‍යයේ රටේ තරුණ තරුණියන් වැඩි පිරිසක් විවාහ මංගල්‍යයන් කල් දැමීමයි.

නිල දත්ත පෙන්නුම් කරන්නේ මෙම වසරේ මුල් භාගය තුළ චීන යුවළ මිලියන 3.43 ක් විවාහ වී ඇති අතර, පසුගිය වසරේ (2023) එම කාලයට සාපේක්ෂව යුවළ 498,000 කින් අඩු වී ඇති අතර එය 2013 සිට වාර්තා වූ අඩුම අගයයි.

2024 වසරේ විවාහ ලියාපදිංචි කිරීමේ වාර්ෂික සංඛ්‍යාව 1980 න් පසු අඩුම අගය වාර්තා කරනු ඇතැයි පුරෝකතනය කර තිබෙනවා.

නවතම සංඛ්‍යාලේඛන අනුව යුවළ මිලියන 1.27ක් දික්කසාද වී ඇතැයි සඳහන්.

සංඛ්‍යාලේඛනවලට අනුව, විවාහ ලියාපදිංචි කිරීම් සංඛ්‍යාව වසර ගණනාවක් තිස්සේ අඩුවෙමින් පවතින අතර, 2014 මුල් භාගයේදී මිලියන 6.94 සිට 2022 පළමු භාගයේදී මිලියන 3.73 දක්වා ක්‍රමයෙන් පහත වැටුණා.

2023 පළමු භාගය තුළ යුවළ මිලියන 3.92ක් ලෙස සුලු ඉහළ යෑමක් පෙන්නුම් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
6
+1
2
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
21ට කළින් එළියට එන පාස්කු රහස් - CCTV දර්ශනත් මිසින් - මොනවද ඒවගේ තිබ්බේ
40:43
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21

?