spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

චීනයේ ජනගහනය අඩු වීම නිසා උපත් පාලන සීමා ඉවතට

ජනගහනය පාලනය කිරීම සඳහා විවිධ උපක්‍රම භාවිත කළ චීනයේ මේ වන විට ජනගහනය අඩු වීමට පටන්ගෙන ඇතැයි එරට දත්ත වාර්තා පෙන්වා දෙන අතර පසුගිය වසරේදී චීනයේ ජනගහනය වසර 60 කට පසු පළමු වරට පහළ ගොස් තිබෙනවා.

මේ අනුව, ජනගහනය වර්ධනය කිරීම සඳහා චීන රජය මේ වන විට ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඊට පිළියමක් ලෙස සිචුවාන් පළාතේ පවුල් සඳහා දරුවන් බිහි කිරීමේ සීමා ඉවත් කර ඇති බවයි.

ඒ අනුව, ඔවුන්ට අවශ්‍ය සංඛ්‍යාවක් දරුවන් බිහි කිරීමට අවසරය ලැබෙන අතර අවිවාහක යුවළ සඳහා ද දරුවන් බිහි කිරීමට අවසර හිමි වෙයි.

මීට පෙර අවිවාහක කාන්තාවන්ට දරුවන් ලියාපදිංචි කිරීම තහනම් කර තිබූ බවත් වාර්තා වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?