චීනයෙන් කහ මුහුද උඩ දී ඕස්ට්‍රේලියාවට ගිනිදැල් ප්‍රහාරයක්

චීන ප්‍රහාරක ජෙට් යානයක් ජාත්‍යන්තර මුහුදට ඉහළින් ගිනිදැල් ඇතිකරමින් ඕස්ට්‍රේලියානු නාවික හමුදාවේ හෙලිකොප්ටරයක් අනතුරේ හෙළීම සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාව විවිධ මාර්ග ඔස්සේ බීජිං වෙත විරෝධය පළ කර ඇති බව අගමැති ඇන්තනී ඇල්බනීස් පවසනවා.

ඕස්ට්‍රේලියානු ගුවන් යානය හිතාමතාම චීනයේ ගුවන් කලාපයට ආසන්නව පියාසර කළ බැවින් අනතුරු ඇඟවීමට සිදු වූ බවට බීජිං ප්‍රතිචාර දැක්වූවා.

ඕස්ට්‍රේලියානු ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් වන HMAS Hobart උතුරු කොරියාවට එරෙහි එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සම්බාධක කහ මුහුදේ ජාත්‍යන්තර මුහුදු සීමාවේ ක්‍රියාත්මක කරමින් සිටිය දී මෙම සිද්ධියට මුහුණ දුන්නේ සෙනසුරාදායි.

ඉන් කිසිදු තුවාලයක් හෝ හානියක් වාර්තා නොවුණු බව ඔස්ට්‍රේලියානු බලධාරීන් පැවසුවා

අගමැති ඇන්තනී ඇල්බනීස් පැවසුවේ ඕස්ට්‍රේලියානු ජනතාව චීනයෙන් පැහැදිලි කිරීමක් අපේක්ෂා කරන බවයි.

“මෙය වෘත්තීමය නොවන බවත් එය පිළිගත නොහැකි බවත් අපි චීනයට ඉතා පැහැදිලිව පෙන්වා දුන්නා,” ඇල්බනීස්, නයින් නෙට්වර්ක් රූපවාහිනියට පැවසුවා.

චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් අඟහරුවාදා දෛනික ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කියා සිටියේ චීනය සිය හමුදාවේ “අවදානම්කාරී පියවර” සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාවට නිල විරෝධතාවක් ඉදිරිපත් කළ බවයි.

“ඇත්ත වශයෙන්ම සිදු වූයේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ යෝජනාවක් බලාත්මක කිරීමේ නාමයෙන් චීනයේ සමුද්‍රීය සහ ගුවන් ආරක්ෂාව අනතුරේ හෙළන ප්‍රකෝපකාරී පියවරක් ලෙස ඕස්ට්‍රේලියානු හමුදා ගුවන් යානයක් හිතාමතාම චීනයේ ගුවන් සීමාවට සමීපව පියාසර කිරීමයි,” චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක ලින් ජියන් පැවසුවා.

“ඕස්ට්‍රේලියානු පාර්ශ්වයට අනතුරු ඇඟවීමට චීන හමුදාව අවශ්‍ය පියවර ගත් බව” ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

චීනයේ Chengdu J-10 ප්‍රහාරක ජෙට් යානයක් HMAS Hobart නෞකාවෙන් පිටත් වූ ඕස්ට්‍රේලියානු නාවික හමුදාවේ Seahawk හෙලිකොප්ටරයක පියාසර මාර්ගයට ගිනිදැල් නිකුත් කළ බව එරට ආරක්ෂක අමාත්‍ය Richard Marles සඳුදා පැවසුවා

හෙලිකොප්ටරය මීටර් 300 (අඩි 986) ඉදිරියෙන් සහ මීටර් 60 (අඩි 197) ඊට ඉහළින් ගිනිදැල් තිබූ අතර හෙලිකොප්ටර් නියමුවාට එම ගිනිදැල්වලට හසු නොවන පරිදි මග හැරීමේ ක්‍රියාමාර්ගයක් ගැනීමට සිදු වූ බව ඔහු සඳහන් කළා.

ආරක්ෂක අමාත්‍යවරයා අවධාරණය කළේ මෙවැනි තත්ත්වයන් හේතුවෙන් උතුරු කොරියාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සම්බාධක බලාත්මක කිරීම සඳහා පවතින නීත්‍යානුකූල ක්‍රියාකාරකම්වල යෙදීමෙන් ඕස්ට්‍රේලියාව කිසිලෙසකින්වත් ඉවත් නොවන බවයි.

නොවැම්බර් මාසයේ දී ජපාන මුහුදේදී සෝනාර් යන්ත්‍ර මගින් ඕස්ට්‍රේලියානු නාවික හමුදා කිමිදුම්කරුවන්ට තුවාල සිදු කළ බවට ඕස්ට්‍රේලියාව චීනයට චෝදනා කිරීමෙන් පසු දෙරටේ හමුදා අතර සිදු වූ බරපතලම ගැටුම්කාරී තත්ත්වය මෙය වනවා.

අගමැති ඇල්බනීස් පවසන්නේ ලබන මාසයේ ඔස්ට්‍රේලියාවට පැමිණෙන චීන අගමැති ලී චාන්ග් සමඟ පැවැත්වෙන සාකච්ඡාවේ දී මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන බවයි.

පසුගිය නොවැම්බර් මස මුලදී චීනයේ කළ සංචාරයකදී ඇල්බනීස් චීන ජනාධිපති ෂී ජින්පිංට දශකයකට පසු පළමු වරට ඕස්ට්‍රේලියාවට පැමිණෙන ලෙස ආරාධනා කළා.

කෙසේ වෙතත් නයින් නෙට්වර්ක් රූපවාහිනිය සමග පැවති සාකච්ඡාවේදී ඔහු කියා සිටියේ ෂී මේ වසරේ ඕස්ට්‍රේලියාවට සංචාරය නොකරන බවයි.

නමුත් මෙම වසරේ අගභාගයේ දී ඔවුන් දෙදෙනාම G20 සහ APEC සමුළුවලට සහභාගී වන විට චීන නායකයා සමඟ “මුහුණට මුහුණ සාකච්ඡා” පැවැත්වීමට තමා අපේක්ෂා කරන බව ඇල්බනීස් රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවේදී සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
0
+1
3
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නොරොච්චෝලේ බලාගාරය කැඩිලා නැහැ..පාර්ලිමේන්තුවේ කිව්ව දේවල් බිමේ ඇත්ත නෙවෙයි
07:15
Video thumbnail
"පංචායුධයක් තියෙනකොට ඔයාට හෙ# වදින්නේ නෑ" ආනන්දගෙන් විමල්ට සැර සත්තමක්
02:11
Video thumbnail
ලංකාව ගැන ට්‍රම්ප් කට අරී - හමුදාවටත් සැර වෙයි..යුද්ධය නවත්තන්න ඉරානයෙන් හොල්මන් වෙන කොන්දේසි
06:15
Video thumbnail
විපක්ෂ නායකගේ ප්‍රධානත්වයෙන් හදීසි රැස්වීමක්..ප්‍රබලයින් සෙට් එකක් එක්කම ලොකු කතාවක්
01:17
Video thumbnail
අරුණ ජයසේකරගෙන් ජාවාරම්කරුවන්ට සැර සත්තමක්.."මේවාගෙන් ඉවත් වෙන්න..කිසිම ගැලවීමක් නෑ"
04:11
Video thumbnail
දික්ඕවිට වරායට ගෙනා ධීවර යාත්‍රාවල තිබූ දේ නි.ආරක්ෂක ඇමති හෙළිකරයි..600kgකට අධික ප්‍රමාණයක්
07:45
Video thumbnail
කොහොමද ආයුධ ටික දැක්කමත් පුදුමයිනේ ?පොලිස්පති, අරුණ ජයසේකර, නාවික හමුදාපතිත් ඇවිත්
02:13
Video thumbnail
දකුණු මුහුදේ ඇල්ලූ ආයුධ තොගය විවෘත කර බලන හැටි..යාත්‍රා පරීක්ෂා කිරීමට නාවික හමුදාපතිත් එයි
02:15
Video thumbnail
පිටකොටුවේ මුදලාලි කෙනෙක්ට දීලා ගෙදර යන්න..එයාලා හොඳට කරයි l Tissa Attanayake
06:49
Video thumbnail
අනුර දැන් යන්න ලෑස්ති වෙන්න - ගෝඨාට වුණ දේ අනුරටත් වෙනවා
08:26