චිකුන්ගුන්‍යා හා ඩෙංගු එකවර පුද්ගලයෙකුට වැළඳිය හැකියි – ගැබිණි මව්වරුන්ටත් අවවාදයක්

චිකුන්ගුන්‍යා සහ ඩෙංගු රෝග ද්විත්වයම එකවර පුද්ගලයෙකුට වැළඳිය හැකි බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්‍යාංශය පවසනවා.

විශේෂ මාධ්‍ය හමුවක් ඊයේ (11) දහවල් පවත්වමින් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්‍යාංශය නිවේදනය කළේ, ඊඩිස් ඊජිප්ටයි නමැති මදුරු විශේෂයෙන් මෙම රෝගය ඇති වන බවත්, එක් අයෙකුට ඉහත රෝග ද්විත්වයම තිබිය දී ඔහුට හෝ ඇයට දැඩි වේදනාවක් දැනිය හැකි බව‍යි.

විශේෂයෙන් ම දරුවෙකුට දින දෙකකට වඩා උණ තත්ත්වය පවතී නම් සුදුසුකම් පවතින වෛද්‍යවරයෙකු වෙත යොමු කරන ලෙසට ද සෞඛ්‍ය අංශ ඉල්ලා සිටිනවා.

චිකුන්ගුන්‍යා රෝගයේ ලක්ෂණ ලෙස, අධික උණ තත්ත්වය ප්‍රධාන බවත් සඳහන්.

ඊට අමතරව, හන්දිපත් රුදාව, හිසරදය ආදිය හැඳින්විය හැකියි.

දරුවෙකුට උණ මතුවීම එක් අතකින් බිය විය යුතු නැති බවත්, සාමාන්‍යයෙන් උණ වැළඳෙන්නේ එම දරුවාගේ ශරීරය තුළ ප්‍රතිශක්තිය නිර්මාණය වීම සිදු වන බැවින් බවත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්‍යාංශය පවසනවා.

දරුවාගේ ශරීරයෙන් විෂ බීජ තත්ත්වය විනාශ කිරීමට උත්සාහ කිරීමේ දී මෙලෙස උණ වැඩිවන බව ද සෞඛ්‍ය අංශ සඳහන් කරනවා.

උණ වලිප්පුව හටගන්නා දරුවන් ගැන හැරෙන්නට සෙසු දරුවන්ට උණ වැඩිවීම ගැන එතරම් බියක් නොදක්වන ලෙසත් නියමිත පරිදි වෛද්‍ය උපදෙස් අනුගමනය කරන ලෙස ද සෞඛ්‍ය අංශ නිවේදනය කරනවා.

මීට අමතර ව යම් හෙයකින් ප්‍රසූත අවස්ථාවක දී මවකට චිකුන්ගුන්‍යා වෛරසය වැළඳුණහොත්, ගබ්සා වීමක් සිදු විය හැකි බවත් සඳහන්.

ඊට අමතර ව දරුවා බිහිවීමෙන් පසුව මවකට මෙම වෛරසය ආසාදිතව සිටීනම්; දින 03-07කට පසුව අලුත උපන් බිළිඳාට ද වෛරසය බෝ විය හැකි බවත්, එහිදී දරුවා මව්කිරි නොබීම, කුෂ්ඨ සෑදීම, අධික උණ සමග මොළේ උණ වැනි සංකූලතා හටගැනීම සිදුවිය හැකි බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?