චිකුන්ගුන්‍යා හා ඩෙංගු එකවර පුද්ගලයෙකුට වැළඳිය හැකියි – ගැබිණි මව්වරුන්ටත් අවවාදයක්

චිකුන්ගුන්‍යා සහ ඩෙංගු රෝග ද්විත්වයම එකවර පුද්ගලයෙකුට වැළඳිය හැකි බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්‍යාංශය පවසනවා.

විශේෂ මාධ්‍ය හමුවක් ඊයේ (11) දහවල් පවත්වමින් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්‍යාංශය නිවේදනය කළේ, ඊඩිස් ඊජිප්ටයි නමැති මදුරු විශේෂයෙන් මෙම රෝගය ඇති වන බවත්, එක් අයෙකුට ඉහත රෝග ද්විත්වයම තිබිය දී ඔහුට හෝ ඇයට දැඩි වේදනාවක් දැනිය හැකි බව‍යි.

විශේෂයෙන් ම දරුවෙකුට දින දෙකකට වඩා උණ තත්ත්වය පවතී නම් සුදුසුකම් පවතින වෛද්‍යවරයෙකු වෙත යොමු කරන ලෙසට ද සෞඛ්‍ය අංශ ඉල්ලා සිටිනවා.

චිකුන්ගුන්‍යා රෝගයේ ලක්ෂණ ලෙස, අධික උණ තත්ත්වය ප්‍රධාන බවත් සඳහන්.

ඊට අමතරව, හන්දිපත් රුදාව, හිසරදය ආදිය හැඳින්විය හැකියි.

දරුවෙකුට උණ මතුවීම එක් අතකින් බිය විය යුතු නැති බවත්, සාමාන්‍යයෙන් උණ වැළඳෙන්නේ එම දරුවාගේ ශරීරය තුළ ප්‍රතිශක්තිය නිර්මාණය වීම සිදු වන බැවින් බවත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්‍යාංශය පවසනවා.

දරුවාගේ ශරීරයෙන් විෂ බීජ තත්ත්වය විනාශ කිරීමට උත්සාහ කිරීමේ දී මෙලෙස උණ වැඩිවන බව ද සෞඛ්‍ය අංශ සඳහන් කරනවා.

උණ වලිප්පුව හටගන්නා දරුවන් ගැන හැරෙන්නට සෙසු දරුවන්ට උණ වැඩිවීම ගැන එතරම් බියක් නොදක්වන ලෙසත් නියමිත පරිදි වෛද්‍ය උපදෙස් අනුගමනය කරන ලෙස ද සෞඛ්‍ය අංශ නිවේදනය කරනවා.

මීට අමතර ව යම් හෙයකින් ප්‍රසූත අවස්ථාවක දී මවකට චිකුන්ගුන්‍යා වෛරසය වැළඳුණහොත්, ගබ්සා වීමක් සිදු විය හැකි බවත් සඳහන්.

ඊට අමතර ව දරුවා බිහිවීමෙන් පසුව මවකට මෙම වෛරසය ආසාදිතව සිටීනම්; දින 03-07කට පසුව අලුත උපන් බිළිඳාට ද වෛරසය බෝ විය හැකි බවත්, එහිදී දරුවා මව්කිරි නොබීම, කුෂ්ඨ සෑදීම, අධික උණ සමග මොළේ උණ වැනි සංකූලතා හටගැනීම සිදුවිය හැකි බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ජනපති මහින්ද, ගෝඨාභය, මහින්ද විජේසේකරට සමුදෙන්න පැමිණෙයි..මහින්ද දැක්ක ගමන් ඔක්කොම වඳියි
01:15
Video thumbnail
මහ රෑ අලි ප්‍ර#රයකින් පස්දරු පියෙක් එතනම එළොව ගිහින්..බිරිඳ හැඩූ කඳුලින් වෙච්ච දේ හෙළිකරයි
06:10
Video thumbnail
මරික්කාර් ආණ්ඩුවට කට උත්තර නැති වෙන්නම කියයි..අම්මටහුඩු අම්මලා හිතුවේ බඩුමිල අඩුවෙයි
05:40
Video thumbnail
දිය නෑමට ගිය පාසල් සිසුවෙක් දියට වැ# අතුරුදහන්.."තියෙනවද බොඩිය..හොයාගන්න බෑ ඇතුළේ"
01:13
Video thumbnail
කාසල්රි ජලාශ‍යේ ලොකුම දූපතේ හදිසියේම ඇතිවූ ගින්න
00:24
Video thumbnail
මහින්දට සමුදෙන්න සජිත් ප්‍රේමදාසත් එයි..කට්ටිය වටවෙලා ලොකු කතාවක්
01:06
Video thumbnail
අවු:7කට උඩදි වුණ පාස්කු සිද්ධිය නිසා අපේ වින්දිතයින් තාම දුක් විදිනවා..කෑමොර දීලා සාධාරණය ඉල්ලන්නේ
02:49
Video thumbnail
නලින්ද හර්ෂද ඇතුළු කට්ටියටම ප්‍රශංසා කරලා කිව්ව දේ..රටේ Brand එකක් විදියට ලෝකයට අරන් යමු
07:17
Video thumbnail
1990 ටීෂර්ට් එකක් ඇදගෙන බස් එකෙන් බැස්සම කඩේ මුදලාලි සල්ලි ගන්නේ නෑ..හර්ෂද සිල්වා කිව්ව සුපිරි කතාව
01:56
Video thumbnail
"මිත්‍ර නලින්ද මට ඉස්සෙල්ලම Invite කරපු එක මට පුදුමයක් නෙවෙයි" l Harsha de Silva
05:29