චැම්පියන්ස් කුසලානයට ප්‍රබල ඕස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ

එළෙඹෙන ශූරයින්ගේ කුසලාන තරගාවලිය වෙනුවෙන් ඕස්ට්‍රේලියානු සංචිතය ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතයට නායකත්වයේ වගකීම සුපුරුදු පරිදි පැට් කමින්ස්ටයි පැවරී ඇත්තේ.

කෙසේ වෙතත් මීට පෙර දණහිසේ ආබාධයක් හේතුවෙන් ඔහු චැම්පියන්ස් කුසලානය සඳහා එක්වීම සැක සහිත බව වාර්තා වුණා.

මේ අතර ඕස්ට්‍රේලියානු නායක කමින්ස් ඔහුගේ දෙවන දරුවාගේ උපත හේතුවෙන් මෙම මස අගදී ආරම්භ වන ශ්‍රී ලංකා තරගාවලියෙන් ඉවත්වීමටයි තීරණය කළේ.

සංචිතය නම්කරමින් ඕස්ට්‍රේලියානු තේරීම් කමිටු ප්‍රධානී ජෝර්ජ් බේලි පැවසුවේ, මෙය සමබර හා පළපුරුදු සංචිතයක් වන බවත්, මෑතකදී ඕස්ට්‍රේලියාව සහභාගී වූ එක්දින තරග තුළ දස්කම් දැක්වූ ක්‍රීඩකයින් ඊට ඇතුළත් කර ඇති බවයි.

ඕස්ට්‍රේලියානු සංචිතය – පැට් කමින්ස් (නායක), ඇලෙක්ස් කේරි, නේතන් එලිස්, ආරොන් හාඩි, ජොෂ් හේසල්වුඩ්, ට්‍රැවිස් හෙඩ්, ජොෂ් ඉන්ග්ලිස්, මාර්නස් ලැබුස්චේන්, මිචෙල් මාෂ්, ග්ලෙන් මැක්ස්වෙල්, මැට් ෂෝර්ට්, ස්ටීව් ස්මිත්, මිචෙල් ස්ටාර්ක්, මාකස් ස්ටොයිනිස්, ඇඩම් සැම්පා

එළඹෙන පෙබරවාරි 19 සිට මාර්තු 09 දක්වා රටවල් අටක් චැම්පියන්ස් කුසලානය සඳහා,එක්වන අතර පාකිස්තානයේ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී මෙවර තරගාවලිය පැවැත් වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.04.08
00:00
Video thumbnail
බොරු කියන එකේ සීමාවක් තියෙන්න ඕනි..හැමවෙලේම ඇඟේ ගාගන්නවා..අඟුරු අරගෙන අපි දත් මැද්දා..
02:50
Video thumbnail
පැලවත්තේ පක්ෂ කාර්යාලයේ දැඩි උණුසුම් තත්ත්වයක්..ඔබතුමා පක්ෂ කාඩර්වරයෙක්..ඒකනේ වෙව්ලන්නේ
14:47
Video thumbnail
සුජීව කුපිත වී පාර්ලිමේන්තුවම දෙවනත් කරයි.."චීන අසූචි නැව අනුර කාලද අසූචි කිව්වේ..ජනපති ටොම් පචයෙක්
13:04
Video thumbnail
"මේකා මචන් දරුණු පොරක්..තනියම ආවේ"ගම්වැදුණු වන අලි රක්ෂිතයට ගිය අයුරු
01:25
Video thumbnail
වැල්ලවායේදී කරනම් ගැසූ ලොරිය..සියල්ල CCTV කැමරාවේ සටහන් වෙයි
00:47
Video thumbnail
බදාදා නිවාඩු දිනය අවලංගු වීමත් සමඟ අද පැවති තත්ත්වය..
00:52
Video thumbnail
පුරාවිද්‍යා ප්‍රශ්නයක් නිසා උදෙන්ම රත්වුණ පාර්ලිමේන්තුව..සමහර කරුණු නොමඟ යවන සුළුයි
03:25
Video thumbnail
බදාදා නිවාඩු දිනය අවලංගු වීමත් සමඟ අද පැවති තත්ත්වය.."හොඳයි ඉතින් නිවාඩුව ඉවර වුණ එක"
01:58
Video thumbnail
එළවළු කඩයකට ගිහින් මුදල්වලට ෆුල් සුද්දයක් දුන් සොරදෙටුවා..සියල්ල තෙවෙනි ඇසේ සටහන් වෙයි
01:21