චාමිකගේ කල්කිරියාව ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිගෙන් ආන්දෝලනාත්මක ලිපියක්

ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න ඇෆ්ගනිස්ථානය සමඟ පැවති එක්දින තරගාවලිය වෙනුවෙන් තෝරා නො ගැනීම සම්බන්ධව කරුණු දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ප්‍රමෝදය වික්‍රමසිංහ විසින් අදාළ ලිපිය ක්‍රිකට් ආයතනයේ ලේකම්වරයා වෙත යොමුකර ඇති බව සඳහන්.

චාමික කණ්ඩායමට ඇතුළු කර ගැනීමට ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වූඩ් දැඩි අකමැත්තක් දැක් වූ බව අදාළ ලිපිය මඟින් තේරීම් කමිටු සභාපතිවරයා සඳහන් කර තිබෙනවා.

මෙම තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩක තෝරා ගැනීම් සම්බන්ධයෙන් සිදුකෙරෙන සාකච්ඡා අතරතුර චාමික පිළිබඳව සිදුකෙරුණු සාකච්ඡාවේ දී, ලෝක කුසලාන තරගාවලිය අතරතුර ඔහුගේ හැසිරීම සම්බන්ධයෙන් ‍ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වූඩ් දැඩි අප්‍රසාදය පළ කර ඇති බවයි එහි දක්වා ඇත්තේ.

චාමික නැවත කණ්ඩායමට එකතු කර ගැනීමට නම් පළමුව ප්‍රධාන පුහුණුකරුගේ විශ්වාසය දිනාගත යුතු බවත් එම ලිපියේ සඳහන්.

එමෙන්ම නැවත ජාත්‍යන්තර ක්‍රිකට් සඳහා සලකා බැලීමට පෙර ඔහු මනෝවිද්‍යාත්මක උපදේශනයක් ලබා දෙන ලෙස ද තේරීම් කමිටුව යෝජනා කළ බවත් අදාළ ලිපියේ දක්වා තිබෙනවා.

ඕස්ට්‍රේලියාවේ පැවති T20 ලෝක කුසලාන තරඟාවලියේදී තමන් චාමිකව ඉතා සමීපව නිරීක්ෂණය කළ බවත්, තමන්ගේ නිරීක්ෂණය වූයේ අභ්‍යන්තර ගමන් ගිය අවස්ථා වලදී ඔහු ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින ශ්‍රී ලාංකික සම්භවයක් ඇති කාන්තාවන් හමුවීමට වැඩි අවධානයක් යොමු කළ බවටයි.

අසනීප බව සඳහන් කරමින් ඔහු සංචාරයේ පුහුණු සැසි කිහිපයක් මඟ හැරි බව සඳහන් කරන තේරීම් කමිටුවේ සභාපතිවරයා, ඔහු පුහුණු සැසිවලට නොපැමිණි දිනවලදී CCTV දර්ශන ලබා දෙන ලෙස හෝටලයට ඉල්ලීමක් කරන ලෙස ද යෝජනා කරණ බව අදාළ ලිපිය මඟින් දන්වා තිබෙනවා.

මේ අතර, සිඩ්නි නුවර රාත්‍රී සමාජ ශාලාවකට ගොස් ඇති කරගත් ආරවුල සම්බන්ධයෙන් කණ්ඩායම් කළමනාකරුගේ වාර්තාව සලකා බැලූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය චාමිකට වසරක තරග තහනමක් පනවා එය අත්හිට වූ අතර ඊට අමතරව ඇමරිකානු ඩොලර් 5,000 ක දඩ මුදලක් ද පනවනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
21
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගම්මන්පිලගේ පොත ගැන මුජිබුර්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..එක එක්කෙනා බේරගන්න කරන Project එකක් මේ
10:36
Video thumbnail
සජබ සෙට් එකක් ගමක් පිරිවරාගෙන ගිහින් දේව කන්නලව්වක් කළ අයුරු.."අනුර භංගවේවා" කියලා කට්ටිය පොල් ගහයි
03:45
Video thumbnail
උත්සව සමයේ තෙල් මිල වෙනස් වීමක් වෙයිද ?..මුල් සතිය ඇතුළත සේරම තෙල් නැව් ටික ළඟා වෙනවා
03:35
Video thumbnail
වසන්තටයි, ලාල්කාන්තටයි අනුරාධ දැම්ම සැර සත්තම..ගොවියාට කෙලියෝ කෙලියෝ කෙලියෝ..මේක පාන්ඩුවක්
07:41
Video thumbnail
කොන්ද පණ නැති නායකයෙක් අපිට ඉන්නේ..පාස්කුවේ මහ මොළකරුවෙක් නෑ..ඒක මිත්‍යාවක්
06:08
Video thumbnail
ජල ගැටලුව නිසා ජනතාවත් දැඩි පහසුතාවයට..1.5km ගිහින් මූලික අවශ්‍යතා ඉටු කරගන්නේ
03:27
Video thumbnail
පවතින කාලගුණයෙන් හැමෝම පරිස්සම් වෙන්න..ගස් කඩා වැටීම් වෙන්න පුළුවන්
03:24
Video thumbnail
ජල කප්පාදු කරන කාලය පැය කිහිපයකින් අඩු කරනවා..අප්‍රේල් මාසයට අවශ්‍ය ජල ප්‍රමාණය තියෙනවා
08:43
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54