පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක ලබන 08 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධානාගාර ගත කිරීමට අධිකරණය නියෝග කළා.
මන්ත්‍රීවරයා අද දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.
මෙහිදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව අධිකරණයට දැනුම් දුන්නේ මේ සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන තවමත් අවසන් නොමැති බවයි.
අද (01) දිනයේ සිට සතියක කාලයක් ඇතුළට මෙම සිද්ධිය සම්බන්ධයෙන් සියලුම සාක්ෂි සහ ප්‍රකාශක සටහන්කර අවසන් කළ යුතු බවට ද අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය නියෝග කර සිටියා.
2016 වසරේ ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින්, එම පළාතේ පෙර පාසල් දරුවන්ට බෑග් ලබාදීම සඳහා ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් අනුග්‍රහයක් ඉල්ලා එම බැංකුව විසින් එය ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව, අදාළ පළාත් සභාවට අයත් ස්ථාවර තැන්පතු ගිණුම් 06ක් කල් පිරීමට පෙර ඉවත් කිරීම තුළින්, ඌව පළාත් සභාවට රුපියල් ලක්ෂ එකසිය හැත්තෑ තුනකට අධික පාඩුවක් සිදුකළ බවට ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා.