චාමර වීරසිංහගේ තත්ත්වය ගැන අලුත්ම අනාවරණයක් (වීඩියෝ)

ජනප්‍රිය ගායක චාමර වීරසිංහට තවත් මාස කිහිපයක් ගායනා කිරීමට නොහැකි වනු ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පවසනවා.

මේ දිනවල රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවන චාමර වීරසිංහගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදු කරමිනුයි ඔහු මෙම අදහස් පළ කළේ.

චාමර වීරසිංහ මේ වන විට සුව අතට පත්වෙමින් සිටින අතර යන්ත්‍ර ආධාරයෙන් නොව සාමාන්‍ය ආකාරයෙන් ශ්වසනය සිදු කරන බව වෛද්‍යවරයා ප්‍රකාශ කළා.

ඔහුට මේවන විට සුවය ලැබෙමින් පැවතුණ ද තවමත් නිසි සුවයක් නොමැති බැවින් තවදුරටත් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබා දෙමින් සිටිනවා.

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පෙන්වා දුන්නේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබා දෙමින් වෛද්‍යවරුන්ගේ දැඩි නිරීක්ෂණයට ලක්වෙමින් සිටින බවයි.

සියයට සියයක්ම චාමර විරසිංහ සුව අතට පත්ව නිවසට යාමට හැකියාවක් නොමැති වුව ද තත්වයට සුව අතට හැරී ඇති බමට වෛද්‍ය සහ හෙද කාර්ය මණ්ඩලය දැනුම්දී තිබෙනවා.

ජනප්‍රිය ගායන ශිල්පියාට උගුරේ සැත්කමකට භාජනය නොකළ අතර ශ්වසන පද්ධතියට සුලු සැත්කමක් සිදු කළ අතර එය ශල්‍යකර්මයක් ලෙසට හැඳින්විය නොහැකි බව ද වෛද්‍යවරයා ප්‍රකාශ කළා.

එම සැත්කම හේතුවෙන් ඔහුගේ හඬ යථා තත්වයට පත්වීමට කාලයක් ගත විය හැකි බවයි රුක්ෂාන් බෙල්ලන මහතා කියාසිටියේ.

එබැවින් ඔහු (Voice Rest) හඬ විවේකයක් ගත යුතු වනවා. එබැවින් ගායනා නොකර කාලයක් සිටිය යුතු වන අතර මාස 4ක් පමණ යන විට ක්‍රමයෙන් ගායනයට පිවිසිය හැකි වනු ඇති බවයි වෛද්‍යවරයා ප්‍රකාශ කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
4
+1
1
+1
1
+1
15
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අයවැය කාරකසභා විවාදය සජීවීව - 2025.12.05
10:50:02
Video thumbnail
ජනපති විපක්ෂයට කනේ ඇඟිලි ග#ගන්න දෙසයි.."කරුණාකරලා ගිහින් නඩුවක් දාන්න.."
01:44
Video thumbnail
පාර්ලිමේන්තුවම සංවේදී කරමින් ජනපති කිව්ව කතාව.."කුඩා දරුවන් තමන්ගේ කැටේ ගෙනල්ල දෙනවා"
10:32
Video thumbnail
හලාවත මුළු ටවුන් එකම හිටිහැටියේම සුන්නද්දූලි කළ බිහිසුණු සුළඟ..බෝඩ් ග#ලවන් උඩින් යයි
00:43
Video thumbnail
අජිත් පෙරේරා කුපිත වී මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි..
08:23
Video thumbnail
පාර්ලිමේන්තු කතාව මැද හස්ත සංඥාවක් දීගෙනම ජනපති පාර්ලිමේන්තුවට එයි
00:45
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01


?