චාමර වීරසිංහගේ තත්ත්වය ගැන අලුත්ම අනාවරණයක් (වීඩියෝ)

ජනප්‍රිය ගායක චාමර වීරසිංහට තවත් මාස කිහිපයක් ගායනා කිරීමට නොහැකි වනු ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පවසනවා.

මේ දිනවල රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවන චාමර වීරසිංහගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදු කරමිනුයි ඔහු මෙම අදහස් පළ කළේ.

චාමර වීරසිංහ මේ වන විට සුව අතට පත්වෙමින් සිටින අතර යන්ත්‍ර ආධාරයෙන් නොව සාමාන්‍ය ආකාරයෙන් ශ්වසනය සිදු කරන බව වෛද්‍යවරයා ප්‍රකාශ කළා.

ඔහුට මේවන විට සුවය ලැබෙමින් පැවතුණ ද තවමත් නිසි සුවයක් නොමැති බැවින් තවදුරටත් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබා දෙමින් සිටිනවා.

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පෙන්වා දුන්නේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබා දෙමින් වෛද්‍යවරුන්ගේ දැඩි නිරීක්ෂණයට ලක්වෙමින් සිටින බවයි.

සියයට සියයක්ම චාමර විරසිංහ සුව අතට පත්ව නිවසට යාමට හැකියාවක් නොමැති වුව ද තත්වයට සුව අතට හැරී ඇති බමට වෛද්‍ය සහ හෙද කාර්ය මණ්ඩලය දැනුම්දී තිබෙනවා.

ජනප්‍රිය ගායන ශිල්පියාට උගුරේ සැත්කමකට භාජනය නොකළ අතර ශ්වසන පද්ධතියට සුලු සැත්කමක් සිදු කළ අතර එය ශල්‍යකර්මයක් ලෙසට හැඳින්විය නොහැකි බව ද වෛද්‍යවරයා ප්‍රකාශ කළා.

එම සැත්කම හේතුවෙන් ඔහුගේ හඬ යථා තත්වයට පත්වීමට කාලයක් ගත විය හැකි බවයි රුක්ෂාන් බෙල්ලන මහතා කියාසිටියේ.

එබැවින් ඔහු (Voice Rest) හඬ විවේකයක් ගත යුතු වනවා. එබැවින් ගායනා නොකර කාලයක් සිටිය යුතු වන අතර මාස 4ක් පමණ යන විට ක්‍රමයෙන් ගායනයට පිවිසිය හැකි වනු ඇති බවයි වෛද්‍යවරයා ප්‍රකාශ කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14