මේ වනවිට රක්ෂිත බන්ධාගාර ගතකර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක තම ආහාර වේල් පිටතින් ලබාගැනීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් අවසර ඉල්ලා තිබෙනවා.
මන්ත්‍රීවරයා විසින් සිය ඉල්ලීම ලිඛිතව ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් මන්ත්‍රීවරයාගේ එම ඉල්ලීමට අවසර ලබානොදුන් බවයි බන්ධනාගාර කොමසාරිස්වරයාගෙන් අප කළ විමසීමක දී ඔහු පැවසුවේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මේ වනවිය කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටින අතර, සාමාන්‍ය රැඳවියෙකුට ලබාදෙන සාමාන්‍ය පහසුකම් සියල්ල ඔහුට ද ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර රක්ෂිත බන්ධාගාර ගතකර සිටින, සේවය අත්හිටුවා සිටින පොලිපති දේශබන්දු තෙන්නකෝන් ද සිය ආහාර වේල් නිවසින් ලබාගැනීමට බන්ධනාගාරයෙන් අවසර ඉල්ලා තිබූ අතරම ඒ සඳහා අවසර ලබාදීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව මේ වනවිට කටයුතු කර තිබෙනවා.