AFC Banner
Empty Ad
Empty Ad

චමීරට අයි.පී.එල් දොර ඇරෙයි

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරට එළඹෙන අයි.පී.එල් තරගාවලිය නියෝජන කිරීමට අවස්ථාව හිමිව තිබෙනවා.

ඒ, අනුව ඔහු මෙවර තරගාවලියේ දී කොල්කටා නයිට් රයිඩස් කණ්ඩායම නියෝජනය කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මීට පෙර කොල්කටා කණ්ඩායමට තෝරාගෙන තිබූ එංගලන්ත ක්‍රීඩක ගස් ඇට්කින්සන් වෙනුවට චමීරට මෙලෙස එම කණ්ඩායම සමඟ එක්කරගෙන ඇති බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ.

චමීර කොල්කටා නයිට් රයිඩස් කණ්ඩායම සමඟ ඉන්දීය රුපියල් ලක්ෂ 50ක මුදලකට ගිවිසුම් ගතව ඇති බව සඳහන්.

ඔහු මීට පෙර අවස්ථා තුනක දී අයි.පී.එල් තරගාවලිය නියෝජනය කළ අතර එහිදී 2018 සහ 2021 වාරවලදී පිළිවෙලින් රාජස්ථාන් රෝයල්ස් සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් යන කණ්ඩායම් සඳහා ක්‍රීඩා කළා.

2022 තරගාවලියේ ඔහු ලක්නව් සුපර් ජයන්ට් කණ්ඩායම නියෝජනය කරමින් එම තරගාවලියේ දී පන්දුවෙන් දස්කම් දැක්වූවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
1
+1
0
+1
1
+1
1
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?