චමින්ද වාස්ට යළි ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු පුහුණුකාර තනතුර

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු ලෙස නැවත වරක් චමින්ද වාස් පත්කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි ද සිල්වා සඳහන් කර සිටිනවා.

ඊයේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු ඒ බව සඳහන් කර සිටියේ.

“ඒක දැන් ආයෙත් සැරයක් චමින්ද වාස්ගෙන්ම ෆිල් වෙලා තියෙනවා. අපි ආයෙත් චමින්ද වාස් මහතාව අරගෙන තියෙනවා. තව දවස් දෙක තුනකින් ඒ පිළිබඳව මාධ්‍යට දැනුම් දෙනවා. ලංකාවේ ක්‍රිකට් දියුණුවෙන් දියුණුවට යන්න ඕනේ. ඒකට මීට වැඩිය හොඳ කමිටුවක් අපිට හමුවෙලාම නෑ. හම්බවෙන්නෙත් නෑ. අරවින්ද, රොෂාන් මහානාම, මුරලි, සංගා, මහේල මේ ඔක්කොම එකතුවෙලා තමයි මේකේ තීරණ අරගෙන අපිත් සමග සාකච්ඡා කරලා සුහදව කරගෙන යන්නෙ. ඒකෙ කිසිම ගැටලුවක් නෑ.”

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු පුහුණු උපදේශක ලෙස මීට පෙරද චමින්ද වාස් කටයුතු කළ අතර ඉකුත් පෙබරවාරි මස සිය තනතුරින් ඉල්ලා අස්වීමට ඔහු කටයුතු කර සිටියා.

බටහිර ඉන්දීය කොදෙව් හි ක්‍රිකට් සංචාරය සඳහා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම විදේශගතවීමට පැය 4කට පෙර චමින්ද වාස් ඉල්ලා අස්වීම පිළිබඳව ක්‍රිකට් ක්ෂේත්‍රය තුළ මහත් ආන්දෝලනයක් ඇතිවුවා.

ගෙවීම් පිළිබඳව ඇතිවූ මතගැටුමක් මත ඔහුගේ ඉල්ලා අස්වීමට හේතු වී තිබූ බවද එහිදී වාර්තා විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58