චමරි අතපත්තු WPL අතරමග දමා යළිත් ශ්‍රී ලංකාව දෙසට හැරෙයි

මේ දිනවල පැවැත්වෙන කාන්තා ප්‍රීමියර් ලීග් තරගාවලියෙන් (WPL) ශ්‍රී ලංකා ක්‍රීඩිකා චමරි අතපත්තු ඉවත් වීමට නියමිත ව තිබෙනවා.

විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරන්නේ එළඹෙන මාර්තු මාසයේ දී පැවැත්වීමට නියමිත නවසීලන්තයට එරෙහි ක්‍රිකට් තරගාවලියට සහභාගි වීම සඳහා නුදුරේදීම චමරි සිය කණ්ඩායම සමග එක් වීමට සූදානමින් සිටින බවයි.

WPL තරගාවලියේ UP Warriorz කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන අතපත්තුගේ ද ඉවත් ව යාම ඔවුන්ට දැඩි පාඩුවක් ගෙන දෙනු ඇති බවයි වාර්තා වන්නේ.

ඊට හේතුව මේ වනවිට ද UP Warriorz කණ්ඩායමේ නායිකාව ලෙස කටයුතු කළ ඇලිසා හීලි ආබාධයකට ලක් ව සිටීමයි.

මාර්තු 4 වන දින නේපියර් හි දී ආරම්භ වන නවසීලන්ත සංචාරය සඳහා ශ්‍රී ලංකාව සමඟ එක්වීමට නියමිත චමරි අතපත්තු, ESPNcricinfo වෙබ් අඩවියට අනුව, පෙබරවාරි 26 වන දින දක්වා UPW කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරනු ඇති.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඊයේ (17) නිකුත් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමේ 16 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමේ නායිකාව ලෙස අතපත්තු නම් කර තිබෙනවා.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පෙබරවාරි 22 වන දින නවසීලන්තය බලා පිටත්ව යාමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මේ ආණ්ඩුවට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26