AFC Banner
AFC Banner
Empty Ad

චමරි අතපත්තුට ඉන්දියාවෙන් කැඳවීමක්

ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිත කාන්තා ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සදහා ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩිකා චමරි අතපත්තුට කැදවීමක් ලැබී තිබෙනවා.

ඒ අනුව, උත්තර් ප්‍රදේශ් වොරියර් කණ්ඩායමට ආදේශක ක්‍රීඩිකාවක් ලෙස චමරි අතපත්තුව කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.

එංගලන්ත ක්‍රීඩිකා ලෝරන් බෙල් වෙනුවට මෙලෙස චමරි එම කණ්ඩායමට කැදවා ඇති බව සදහන්.

ඉන්දියා කාන්තා ප්‍රිමියර් ලීග් වෙන්දේසියේ දී කිසිඳු කණ්ඩායමක් චමරිව මිලදී ගැනීමට කටයුතු කළේ නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
15
+1
1
+1
0
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?