චන්දිගෙන් මැතිව්ස්ට නොදෙවෙනි ශතකයක්

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ මැදපෙළ පිතිකරු ලොකුගේ දිනේෂ් චන්දිමාල් සිය 15 වන ජාත්‍යන්තර ටෙස්ට් ශතකය වාර්තා කළා.

කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන ඇෆ්ගනිස්ථාන සමඟ පළමු ටෙස්ට් තරගයේ දී චන්දිමාල් මෙම ශතකය රැස් කළේ පන්දු 168කට මුහුණ දෙමින්.

චන්දිමාල්ගේ මෙම සුපිරි ඉනිමට හයේ පහර එකක් සහ හතරේ පහර 09ක් ඇතුළත් වුණා.

දිනේෂ් චන්දිමාල් වාර්තා අතරට එක්වන්නේ ඇෆ්ගනිස්ථානයට එරෙහිව ටෙස්ට් තරගයක දී ශතකයක් වාර්තා කළ දෙවන ශ්‍රී ලංකා පිතිකරුවා ලෙසටයි.

ශ්‍රී ලංකා ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් ද මීට ටික වේලාවකට පෙර සිය 16 වන ටෙස්ට් ශතකය වාර්තා කරමින් ඇෆ්ගනිස්ථානයට එරෙහිව ටෙස්ට් ශතකයක් වාර්තා කළ පළමු ශ්‍රී ලංකා ක්‍රීඩකයා බවට පත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
1
+1
2
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?