ඝාතන සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකුගේ නිවාස දෙකක් ගිනිබත් කරයි

කොස්ලන්ද, අලුත්වෙල ප්‍රදේශයේ දී පුද්ගල ඝාතන සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකුගේ නිවාස දෙකක් ඊයේ (23) රාත්‍රියේ කිසියම් පිරිසක් විසින් ගිනිතබා විනාශ කර තිබෙනවා.

ගිනි ගැනීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති ඇති අතර, වැල්ලවාය පොලිස් මේ සම්බන්ධයෙන් විමර්ශන අරඹා තිබෙනවා.

මේ අතර ඝාතනය ලක් වූ පුද්ගලයාගේ අවසන් කටයුතු ද සිදුකෙරුනේ ඊයේ (23) පස්වරුවේ දීයි.

ඝාතනය ලක් වූ පුද්ගලයාගේ මෘත දේහය වැල්ලවාය – කොළඹ ප්‍රධාන මාර්ගයට රැගෙන විත් ඇතිලිවැව, ආරියසිරි හංදියෙන් එම මාර්ගය අවහිර කරමින් ප්‍රදේශවාසීන් විසින් විරෝධතාවයක ද නිරත වුණා.

ඒ, ඝාතනයට ලක් වූ පුද්ගලයාට සාධාරණයක් ඉටුකරන ලෙස බලකරමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
1
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?