ඝාතකයින් තිදෙනෙකු ඇල්ලීමට පොලිසිය මහජන සහාය පතයි

ගාල්ල – දඩල්ල, කනත්ත හන්දියේ දී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කර පසුපැදිකාරිය වන ඔහුගේ බිරිඳට තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල අප‍රාධ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්‍යාංසය මගින් මේ වනවිට එක් සැකකරුවෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනය කළේ මේ සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනයේ දී අපරාධයට අනුබල දීම හා සැලසුම් කිරීමට අදාළ ව සැකකරුවන් තිදෙනෙකු පිළිබඳ ව හඳුනාගෙන ඇති බවයි.

ඔවුන් පදිංචි ප්‍රදේශවලින් පලා ගොස් ඇති අතර සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහාය අපේක්ෂා කරනවා.

එම සැකකරුවන්ගේ ඡායාරූප ද මාධ්‍ය වෙත නිකුත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

පොලිසියට අවශ්‍ය කර සිටින සැකකරුවන් වන්නේ අංක 541,කුඩා ගම්මානය 19, නව නගර, වීරවිල පදිංචිකරුවෙකු වන එදිරිවීර විජේසුන්දර පටබැඳිගේ නීල් සුරංග, අංක 14,03 වන අදියර, නායගොඩ – රත්ගම විසූ කොත්ති උපේන්ද්‍ර පුෂ්ප කුමාර සහ මැටිවල හසුන් ප්‍රභාත් පද්මකුමාර නමැති රත්ගම – රණපනාදෙණියේ පදිංචිකරුවන්.

මෙම සැකකරුවන් සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් 071-8591452 (ගාල්ල කොට්ඨාසය – ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී) හෝ 091-2233217 යන කොට්ඨාස අපරාධ විමර්ශන අංශය – ගාල්ල වෙත හෝ දන්වන ලෙස ශ්‍රී ලංකා පොලිසිය ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
4
+1
2
+1
0
+1
0
+1
3
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න ආ නාමල් සංවේදි වෙයි
01:00
Video thumbnail
නිවුටන්ගේ නියමයෙන් මේක බේරගන්න බැහැ..නලින් බණ්ඩාරගෙන් සැර කතාවක්..
09:55
Video thumbnail
ලාල් කාන්තගෙන් මිහින්තලේ හිමිට දැඩි වාග් ප්‍රහාරයක්
04:39
Video thumbnail
මන්ත්‍රී කොට්ටහච්චිට මුජිබුර්ගෙන් සැර කින්ඩියක්.."අගමැතිට අපහාස කරන්නේ එයාලගේ මන්ත්‍රීලා තමයි"
04:18
Video thumbnail
ඉපලෝගම OIC, නිල නිවසට කාන්තාවක් එක්කන් ගිහින් කරපු කැත වැඩේ එළියට..
28:13
Video thumbnail
හරිනි ඇමතිට බබා වෙන්න බෑ..හත්පොළේ ගාගෙන ඉවරයි..විමල්, මල්වතු නාහිමි බැහැදැකලා කිව්ව දේ
10:33
Video thumbnail
නාමල්, නලින් හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න එයි..නාමල් සංවේදි වෙයි
02:09
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13


?