ඝණ පූර්ණය නොමැතිව පාර්ලිමේන්තුව හෙට දක්වා කල් තබයි

ඝණ පූර්ණය නොමැති වීම හේතුවෙන් පාර්ලිමේන්තුව හෙට දක්වා කල් තබා තිබෙනවා.

නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා සඳහන් කළේ හෙට උදෑසන 9.30 දක්වා පාර්ලිමේන්තුව කල් තබන බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා විසින් ස්ථාවර නියෝගවලට අනුව ඝණ පූර්ණය පිළිබඳ පාර්ලිමේන්තුවේ අවදානයට යොමු කරවනු ලැබුවා.

ඒ අනුව බෙදුම් සීනුව විනාඩි 5ක් නාද කිරීමෙන් අනතුරුව ද ඝණ පූර්ණය සම්පූර්ණ නොවීම හේතුවෙනුයි පාර්ලිමේන්තුව හෙට පෙරවරු 9.30 දක්වා කල් තබන බව නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා නිවේදනය කළේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 73 වන ව්‍යවස්ථාව ප්‍රකාරව පාර්ලිමේන්තුවේ ඝණ පූර්ණය මූලසනාරූඨ මන්ත්‍රීවරයා ද ඇතුලුව මන්ත්‍රීවරුන් 20 දෙනෙකුගෙන් සමන්විත විය යුතු වනවා.

එසේම පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 11 ප්‍රකාරව ඕනෑම අවස්ථාවක ඝණ පූර්ණය නොපවතින බව කතානායකවරයාගේ හෝ මූලාසනාරූඨ මන්ත්‍රීවරයාගේ අවධානයට යොමු කළ හොත් බෙදුම් සීනුව නාද කිරීමට කතානායකවරයා හෝ මූලානසාරූඨ මන්ත්‍රීවරයා අණ කළ යුතුයි.

බෙදුම් සීනුව විනාඩි 5ක් නාද කිරීමෙන් අනතුරුව ද ඝණ පූර්ණය නොමැති නම් කතානායකවරයා හෝ මූලාසනාරූඨ මන්ත්‍රීවරයා විසින් හෝ ප්‍රශ්නය නොවිමසා පාර්ලිමේන්තුව කල් තැබිය යුතු වනවා.

පාර්ලිමේන්තුව අද රැස්වුණේ එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පත සහ මුසල් පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය සඳහායි.

ඒ අනුව අද පෙරවරු 9.30 සිට පස්වරු 4.30 දක්වා විවාදය පැවැත්වීමට නියමිතව තිබුණා. කෙසේවෙතත් ඝණ පූර්ණය නොමැති වීම හමුවේ විවාදය පැවැත්වීම නතර වූ අතර ඒ අනුවයි සභාව හෙට දක්වා කල් තැබීමට පියවර ගැණුනේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?