ඝණ පූර්ණය නොමැතිව පාර්ලිමේන්තුව හෙට දක්වා කල් තබයි

ඝණ පූර්ණය නොමැති වීම හේතුවෙන් පාර්ලිමේන්තුව හෙට දක්වා කල් තබා තිබෙනවා.

නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා සඳහන් කළේ හෙට උදෑසන 9.30 දක්වා පාර්ලිමේන්තුව කල් තබන බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා විසින් ස්ථාවර නියෝගවලට අනුව ඝණ පූර්ණය පිළිබඳ පාර්ලිමේන්තුවේ අවදානයට යොමු කරවනු ලැබුවා.

ඒ අනුව බෙදුම් සීනුව විනාඩි 5ක් නාද කිරීමෙන් අනතුරුව ද ඝණ පූර්ණය සම්පූර්ණ නොවීම හේතුවෙනුයි පාර්ලිමේන්තුව හෙට පෙරවරු 9.30 දක්වා කල් තබන බව නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා නිවේදනය කළේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 73 වන ව්‍යවස්ථාව ප්‍රකාරව පාර්ලිමේන්තුවේ ඝණ පූර්ණය මූලසනාරූඨ මන්ත්‍රීවරයා ද ඇතුලුව මන්ත්‍රීවරුන් 20 දෙනෙකුගෙන් සමන්විත විය යුතු වනවා.

එසේම පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 11 ප්‍රකාරව ඕනෑම අවස්ථාවක ඝණ පූර්ණය නොපවතින බව කතානායකවරයාගේ හෝ මූලාසනාරූඨ මන්ත්‍රීවරයාගේ අවධානයට යොමු කළ හොත් බෙදුම් සීනුව නාද කිරීමට කතානායකවරයා හෝ මූලානසාරූඨ මන්ත්‍රීවරයා අණ කළ යුතුයි.

බෙදුම් සීනුව විනාඩි 5ක් නාද කිරීමෙන් අනතුරුව ද ඝණ පූර්ණය නොමැති නම් කතානායකවරයා හෝ මූලාසනාරූඨ මන්ත්‍රීවරයා විසින් හෝ ප්‍රශ්නය නොවිමසා පාර්ලිමේන්තුව කල් තැබිය යුතු වනවා.

පාර්ලිමේන්තුව අද රැස්වුණේ එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පත සහ මුසල් පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය සඳහායි.

ඒ අනුව අද පෙරවරු 9.30 සිට පස්වරු 4.30 දක්වා විවාදය පැවැත්වීමට නියමිතව තිබුණා. කෙසේවෙතත් ඝණ පූර්ණය නොමැති වීම හමුවේ විවාදය පැවැත්වීම නතර වූ අතර ඒ අනුවයි සභාව හෙට දක්වා කල් තැබීමට පියවර ගැණුනේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:28
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු - පොහොට්ටු ප්‍රබලයින් රැසක්ම ඇවිත්
00:52
Video thumbnail
බුද්ධශාසන සභාව හදිසියේම රැස්වෙයි - 2027 සිංහල අලුත් අවුරුදු නැකත් සීට්ටුවත් ලබාදෙයි
02:47
Video thumbnail
යහපාලන කාලේ ශානි අපිත් එක්ක වැඩ කළා - මේ ආණ්ඩුව හොර වැඩ කරන්නෙත් එළිපිට
09:00
Video thumbnail
ආණ්ඩුවෙන් දෙකෙන් පංගුවක් මහණවෙලා හිටපු එවුන් - මේකේ ඉදලා ශාසනයම කාලා ගිය එවුන්..අද බනිනවා මුන්
01:39
Video thumbnail
ඉතාලි තානාපතිවරයා, ඇමති වසන්ත හමුවෙයි
01:34
Video thumbnail
බිරිඳගේ උපන්දිනයට සැමියා ගමටම දීපු එළවලු දන්සල
01:05
Video thumbnail
ගම්වලට බවුසර් මගින් පානීය ජලය බෙදාහැරේ
00:55
Video thumbnail
සර්වජන බලයේ මාධ්‍ය ලේකම් නාමල් එක්ක අත්වැල් බැඳගනී
00:25
Video thumbnail
නෑ නෑ.. ඒ මගේ කොල්ලා නෙමෙයි
00:43