ගෞරවය සමසේ බෙදී ගොස් ඇති, අද තරගය පැවැත්වෙන රාජ්කොට් තණතීරුවේ විස්තරය මෙන්න

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අද තුන්වන සහ අවසන් විස්සයි විස්ස තරගය අද (07) රාත්‍රියේ පැවැත්වෙනවා.

තරගාවලියේ පළමු පන්දුවාර 20යි 20 තරගය ඉන්දියාව ලකුණු 02කින් ජයගත් අතර, දෙවැනි තරගය ලකුණු 16කින් ජය ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම යළි තරගාවලියට අවතීරණ වුණා.

ඒ, අනුව අද පැවැත්වෙන තරගය ඉතා තියුණු මුහුණුවරක් ගනු ඇති බවයි විචාරකයින් මත පළකරන්නේ.

අද තරගය රාජ්කොට් හි සෞරාෂ්ට්‍ර ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන අතර, මීට පෙර එම පිටියේ ක්‍රීඩාකර ඇත්තේ ජාත්‍යන්තර විස්සයි විස්ස තරග 04ක් පමණයි.

මෙම ක්‍රීඩා පිටියේ පවත්වා ඇති තරග හතරින් කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහර දෙන කණ්ඩායම සහ හඹා යන කණ්ඩායම අතර ජයග්‍රහණ සම සේ බෙදීගොස් තිබෙනවා.

මේ අතර රාජ්කොට් තණතීරුව දඟපන්දු යවන්නන්ට යම් උපකාරයක් ඇති තණතීරුවක් ලෙසට ප්‍රසිද්ධව ඇති අතර, සමස්තයක් ලෙස ගත් කළ මෙම තණතීරුව පිතිකරුවන්ගේ පාරාදීසයක් ද වනවා.

මෙම පිටියේ පළමු ඉනිමේ සාමාන්‍ය ලකුණු 179ක් ලෙස දැක්වෙන අතර, දෙවන ඉනිමේ සාමාන්‍ය ලෙස දැක්වෙනේ ලකුණු 149ක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?