ගෞරවය රැකගෙන ශ්‍රී ලංකාව 20-20 තරගාවලිය අවසන් කරයි

සංචාරක පාකිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය ජය පරාජයෙන් තොරව අවසන්කර ගන්නට ශ්‍රී ලංකාවට ඊයේ (11) හැකියාව ලැබුණා.

ඒ, දෙරට අතර දඹුල්ලේ දී පැවති තුන්වන සහ අවසන් විස්සයි විස්ස තරගය ලකුණු 14 කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වීමත් සමඟයි.

තරගය ආරම්භ කිරීමට වර්ෂාවෙන් බාධා එල්ලවීමත් සමඟ, තරගයේ එක් ඉනිමක් පන්දුවාර 12කට සීමා කරන්නට විනිසුරුවන් කටයුතු කළා.

ඒ, අනුව කාසිය වාසිය දිනූ පාකිස්ථාන නායකයාගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ 12 තුළ කඩුලු 06ක් දැවී ලකුණු 160ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළා.

එහිදී වේගවත් ඉනිමක් දියත් කළ නායක දසුන් ශානක පන්දු 09ක් තුළ ලකුණු 34ක් රැස්කළේ දැවැන්ත හයේ පහර පහක් එල්ල කරමින්.

ඊට අමතරව ආරම්භක පිතිකරු කමිල් මිෂාර පන්දු 08ක් තුළ ලකුණු 20 රැස්කළ අතර, ජනිත් ලියනගේ පන්දු 08කට මුහුණදෙමින් නොදැවී ලකුණු 22ක් රැස් කළා.

මෙම තරගයේ දී ශ්‍රී ලංකා පිත්කරුවන් කලකට පසු ලකුණු අතරට පැමිණීම කැපී පෙනුණා.

පන්දු යැවීමේ දී මොහොමඩ් වසීම් ශ්‍රී ලංකා කඩුලු 03ක් බිඳ දැමුවේ පන්දුවාර තුනක් තුළ ලකුණු 54ක් ලබාදෙමින්.

අනතුරුව ලකුණු 161ක ඉලක්කයක් හඹා ගිය පාකිස්ථානයට නියමිත පන්දුවාර 12 තුළ කඩුලු 08ක් දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 146ක් පමණයි.

පාකිස්ථාන ඉනිම වෙනුවෙන් නායක සල්මන් ආගා පන්දු 12ක් තුළ ලකුණු 45ක් රැස්කළ අතර, මොහොමඩ් නවාස් ලකුණු 28ක් රැස් කළා.

පන්දු යැවීමේ දී වනිඳු හසරංග පාකිස්ථාන ඉනිමේ කඩුලු 04ක් බිඳ දැමුවේ ලකුණු 35ක් පමණක් ලබාදෙමින්.

මෙහිදී ජාත්‍යන්තර විස්සයි විස්ස කඩුලු 150 සීමාවට පැමිණීමට ද වනිඳු හසරංගට හැකියාව ලැබුණා.

ඊට අමතරව ඊයේ තරගය සඳහා කැඳවූ වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ලකුණු 34 කට කඩුලු 02ක් බිඳ දැමුවා.

ඒ, අනුව දෙරට අතර පැවති තුන්වන විස්සයි විස්ස තරගය ලකුණු 14කින් ජයගත් ශ්‍රී ලංකාව තරගාවලියට ජය පරාජයෙන් තොරව අවසන් කළා.

තරගාවලියේ පළමු තරගය පාකිස්ථානය ජයගත් අතර, දෙවන තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වූ නිසා පැවැත්වීමට හැකියාව ලැබුණේ නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
8
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03