ගෝලීය සිදුවීම් ගැන දේශනයකට හිටපු ජනපති රනිල් ඉන්දියාවට

ගෝලීය සිදුවීම් සම්බන්ධයෙන් වන දේශනයක් සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ නව දිල්ලි නුවර බලා අද (27) පිටත්ව යෑමට නියමිත ව තිබෙනවා.

රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ සහභාගීත්වයෙන් නවදිල්ලි නුවර භාරත මණ්ඩපයේ දී හෙට(28) මෙම දේශනය පැවැත්වෙනු ඇති.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, කැනඩාවේ හිටපු අග්‍රාමාත්‍ය ස්ටීවන් හාපර්, ඔස්ට්‍රේලියාවේ හිටපු අග්‍රාමාත්‍ය ටෝනි ඇබට් මහත්වරු ද මෙහි දේශන පවත්වනවා.

මෙහිදී දකුණු ආසියාව සම්බන්ධයෙන් වන දේශනය පවත්වනු ලබන්නේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින්.

මෙම ඉන්දීය සංචාරයේදී රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර හමුවක් ද පැවැත්වීමට නියමිතව ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළා.

මෙහිදී ඔහු ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් පිරිසක් සමඟ ද සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

රනිල් වික්‍රමසිංහ මහතා කෙටි කාලයක් ඇතුළත ඉන්දියාවේ සංචාරය කරන තෙවන අවස්ථාව මෙයයි.

හිටපු ජනාධිපතිවරයා මාර්තු 2 දා නැවත දිවයිනට පැමිණීමට නියමිතව ඇති බවත් අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?