ඉරානය ගෝලීය තෙල් ප්‍රවාහන මාර්ගයට බාධා කළහොත් ‘මරණය, ගින්න සහ කෝපය’ ඇති වන බවට ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවනවා.
හෝර්මුස් සමුද්‍ර සන්ධිය තුළ තෙල් ප්‍රවාහය නැවත්වීමට ඉරානය දරණ ඕනෑම උත්සාහයක් වෙනුවෙන්, ඔවුන්ට මෙතෙක් පහර දී ඇති ප්‍රමාණයට වඩා විසි ගුණයකින් පහර දෙන බවයි ඇමරිකා එක්සත් ජනපද ජනාධිපතිවරයා අනතුරු අඟවා ඇත්තේ.
ලෝකයේ තෙල්වලින් 20% ක් පමණ හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන අතර, යුද්ධය මුහුදු ගමනාගමනය දැඩි ලෙස අඩුකර ඇති අතර ගෝලීය තෙල් මිලට සිදුකර ඇත්තේ ඉහළ බලපෑමක්.
මේ අතර ඩොලර් 100 සීමාව ඉක්මවා ගොස් තිබූ ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල ඊයේ (09) රාත්‍රියේ සිට පහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ, අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 90.52ක් දක්වා අඩුවී ඇති බවයි එම වාර්තාවල දැක්වෙන්නේ.
එමෙන්ම WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 86.83ක් දක්වා අඩුවී තිබෙනවා.
මේ අතර ලෝක වෙළෙඳපොළේ බොරතෙල් ගැටලුවට විසදුම් වශයෙන් ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය හදිසි බොරතෙල් බැරල් මිලියන 300ක් මුදාහැරීමට යෝජනා කර තිබෙනවා.
G7 රටවලට මුදල් අමාත්‍යවරුන් අතර ඊයේ (09) පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම යෝජනාව මතුව ඇති බවයි වාර්තා වන්නේ.



