AFC Banner
AFC Banner
Empty Ad

ගෝල් මාර්වලස් හිමිකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග

මේ දිනවල පැවැත්වෙන ලංකා T10 සුපර් ලීග් තරගාවලියේ දී බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ඇන්ඩෘ ෆ්‍රෙචර් හට තරග පාවාදීමට සිදු කළා යැයි සැලකෙන යෝජනාවට අත් අඩංගුවට ගැනුණු ගෝල් මාර්වලස් කණ්ඩායමේ හිමිකරු වන ඉන්දීය ජාතික ශේම් ටකර් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරුණා.

අද (18) දිනයේ දී මෙම සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා හමුවට ඉදිරිපත් කෙරුණේ ඔහු හට රහස්‍ය ප්‍රකාශයක් ලබාදීමට අවශ්‍ය බවට කරන ලද ඉල්ලීම අනුවයි.

එම රහස්‍ය ප්‍රකාශය පැය එකහමාරකට ආසන්න කාලයක් මහේස්ත්‍රාත්වරයාගේ නිල මැදිරියේ දී සිදු කෙරුණා.

රහස්‍ය ප්‍රකාශයෙන් පසුව විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලින්දතිස්ස මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේ සිය සේවාදායකයා ව ඇප මත නිදහස් කරන ලෙසටයි.

අදාළ ඇප ඉල්ලීම සලකා බැලීම එළඹෙන 20 වැනි දින (අනිද්දා) තෙක් කල් දැමීමට අධිකරණය තීරණය කළා.

ඒ අනුව නැවතත් ගෝල් මාර්වලස් හිමිකරු දෙසැම්බර් මස 20 තෙක් රක්ෂිත බන්ධනගාරගත වනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?