ගෝල් මාර්වලස් හිමිකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග

මේ දිනවල පැවැත්වෙන ලංකා T10 සුපර් ලීග් තරගාවලියේ දී බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ඇන්ඩෘ ෆ්‍රෙචර් හට තරග පාවාදීමට සිදු කළා යැයි සැලකෙන යෝජනාවට අත් අඩංගුවට ගැනුණු ගෝල් මාර්වලස් කණ්ඩායමේ හිමිකරු වන ඉන්දීය ජාතික ශේම් ටකර් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරුණා.

අද (18) දිනයේ දී මෙම සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා හමුවට ඉදිරිපත් කෙරුණේ ඔහු හට රහස්‍ය ප්‍රකාශයක් ලබාදීමට අවශ්‍ය බවට කරන ලද ඉල්ලීම අනුවයි.

එම රහස්‍ය ප්‍රකාශය පැය එකහමාරකට ආසන්න කාලයක් මහේස්ත්‍රාත්වරයාගේ නිල මැදිරියේ දී සිදු කෙරුණා.

රහස්‍ය ප්‍රකාශයෙන් පසුව විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලින්දතිස්ස මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේ සිය සේවාදායකයා ව ඇප මත නිදහස් කරන ලෙසටයි.

අදාළ ඇප ඉල්ලීම සලකා බැලීම එළඹෙන 20 වැනි දින (අනිද්දා) තෙක් කල් දැමීමට අධිකරණය තීරණය කළා.

ඒ අනුව නැවතත් ගෝල් මාර්වලස් හිමිකරු දෙසැම්බර් මස 20 තෙක් රක්ෂිත බන්ධනගාරගත වනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03