AFC Banner
Empty Ad

ගෝන මස් තොගයක් බසයකින් ප්‍රවාහනය කරද්දී අල්ලයි

පානම සිට මොණරාගල දක්වා ධාවනය වන ලංගම බස් රථයකින් ගෝන මස් ප්‍රවාහනය කරමින් සිටිය දී ගෝන මස් කිලෝ 40ක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

පානම සිට මොණරාගල දක්වා ධාවනය වන ලංගම බස් රථයකින් ගෝන මස් ප්‍රවාහනය කරන බවට පොතුවිල් පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත ඊයේ (07) දහවල් පොතුවිල් බස් නැවතුමේ බස් රථය නවතා පරීක්ෂා කිරීමේදී බස් රථයේ ඩිකියේ තිබී මෙම ගෝන මස් තොගය සොයාගත් බව පොලිසිය පවසනවා.

පසුව මෙම ගෝන මස් ප්‍රවාහනය සම්බන්ධයෙන් බස් රථයේ කොන්දොස්තරවරයා අත්අඩංගුවට ගෙන ඇති බව ද පොලිසිය සඳහන් කර සිටී.

අත්අඩංගුවට ගත් සැකකරු 36 හැවිරිදි බිබිලේගම, පස්සර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

පොතුවිල් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?