spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ගෝඨාභය රාජපක්ෂ මහතා දුමින්ද සිල්වාට දුන් පොදු සමාව බල රහිත කරන්න

දුමින්ද සිල්වා මහතා නිදහස් කිරීම සම්බන්ධයෙන් ගොනුකර ඇති මූලික ආයිතිවාසිකම් පෙත්සම අද (17 ) දින කැඳවා තිබුණි.

එහිදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා නිදහස් කිරීම සම්බන්ධයෙන් ගොනුකර ඇති මූලික ආයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවෙකු ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නම්කරන ලෙස එම පෙත්සම ඉදිරිපත් කළ පාර්ශ්වය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉල්ලීමක් ලැබී තිබේ.

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් වරදකරු කෙරුණු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන් විසින් මරණීය දණ්ඩනය නියම කළ බවත් එය ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් අනුමත කර තිබියදී පිළිගත් නීතිමය පටිපාටිය අනුගමනය කිරීමකින් තොරව ඔහුට පොදු සමාව ප්‍රදානය කර නිදහස් කිරීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කළ බව පෙත්සමෙන් චෝදනා කර තිබේ.

එසේ කිරීම මගින් තමන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් දුමින්ද සිල්වා නිදහස් කරමින් ප්‍රදානය කර ඇති පොදු සමාව බලරහිත කිරිමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?