ගෝඨාභයගේ පාලන සමයේ දී සිංහරාජයේ ඉදිකළ මාර්ගයට එරෙහිව ගොනු වූ පෙත්සම විභාගයට අවසර

හිටපු ජනාධිපති ගෝඨාභය රාජක්ෂ මහතාගේ පාලන සමයේ දී ඔහු පෞද්ගලිකව මැදිහත් වී ලෝක උරුමයක් ලෙස සලකන සිංහරාජ වනාන්තරය මැදින් ඉදිකෙරුණු මාර්ගයට විරෝධය දක්වමින් පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ගොනු කරන ලද පෙත්සම විභාගයට ගැනීමට අද (20) අභියාචනාධිකරණය තීරණය කළා.

දසත අධිකරණ වාර්තාකාරිණිය පැවසුවේ මෙම පෙත්සම 2021 වසරේ ගොනු කරන ලද්දක් බවයි.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට හෝ වෙනත් රජයේ ආයතනයකට ලෝක උරුම රක්ෂිතයක් ලෙස සැලකෙන වනාන්තරයක් මෙසේ එළිපෙහෙළි කරමින් මාර්ග තැනීමට කිසිදු බලයක් නොමැති බවටයි පෙත්සම්කරුවන් චෝදනා කරන්නේ.

අදාළ පෙත්සම අද (20) දිනයේ දී සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු කුලතුංග මහතා පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ ඇතුළු නීතිඥ මඬුල්ල ඉදිරිපත් කළ කරුණු නඩුව පවත්වාගෙන යාමට ප්‍රමාණවත් බවට පවසමින් නඩු විභාගය ආරම්භ කිරීමට අවසර දුන්නා.

මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, මධ්‍යම පරිසර අධිකාරිය, මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, වනජීවී අමාත්‍ය, පරිසර අමාත්‍ය, එවක වාරිමාර්ග අමාත්‍ය වූ චමල් රාජපක්ෂ හා නීතිපතිවරයා ව නම් කර තිබෙනවා.

ලෝක උරුමයක් විනාශ කරමින් සංවර්ධන කටයුතු සිදු කිරීමට කිසිදු නෛතික බලයක් නොමැති බවත් මෙය ජෛව මංකොල්ලයක් බවත් පෙත්සම්කරුවන් චෝදනා කරනවා.

රජයේ පාර්ශ්වය වෙනුවෙන් ජ්‍යේෂ්ඨ අධිනීතිඥ නයන කහවිට මහත්මිය පෙනී සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
2
+1
12
+1
0
+1
2
+1
2
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාවාරම්කරුවෙක් පොලිසියත් එක්කද මේ බරටම ඩීල් දාන්නේ..?"උදේනිට හයි කෝ⁣ට් එකක් දාලා දෙන්න"
05:06
Video thumbnail
ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කිව්ව කතාව.."මට හිතුනා අපිට යම් තැනක් මිස් වුණාද කියලා"
04:33
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40