ගෝඨාගේ ගේ අසල උද්ඝෝෂණය කළ පිරිස ගොනු කළ පෙත්සම් විභාගයට දින ලැබෙයි

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුද්ගලික නිවස අසල උද්ඝෝෂණය කළ බවට චෝදනා කරමින් තමන්ව අත්අඩංගුවට ගැනීමට කටයුතු කිරීමෙන් සිය මූලික අයිතිවාසිකම් කඩ වූ බව පවසමින් පාර්ශ්ව 8ක් විසින් ගොනු කර තිබූ පෙත්සම්හි වැඩිදුර විභාගය නොවැම්බර් 11 සිදු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (24) දින නියම කළා.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් පොලිස්පතිවරයා, නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

පෙත්සම් මගින් 2022 මාර්තු 30 උද්ඝෝෂණ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගැනීමෙන් සිය මුලික අයිතිවාසිකම් කඩ වී ඇතැයි පවසන පෙත්සම්කරුවෝ ඊට වන්දි ලබාදෙන ලෙස ඉල්ලා සිටියා.

පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥ තිෂ්‍ය වේරගොඩ මහතා පෙනී සිටි බව ද අප අධිකරණ වාර්තාකරු සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගීවන මන්නාරම ජන රැලිය සජීවීව
00:00
Video thumbnail
ගාල්ල යක්කලමුල්ල අනතුරේ සජීවී දර්ශන
04:02
Video thumbnail
මරික්කාර් දුම්මල වරම අතට ගනියි - කරපු සැර කතාවට සභාවම නිහඬයි
15:29
Video thumbnail
21ට කළින් එළියට එන පාස්කු රහස් - CCTV දර්ශනත් මිසින් - මොනවද ඒවගේ තිබ්බේ
40:43
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51

?